|

ලැසිල් ද සිල්වා යැව්වේ රිෂාඞ් ද?

ජනාධිපතිවරයා, විශේෂ ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා ඉවත් කළේ අමාත්‍ය රිෂාඞ් බද්දියුදීන් අමාත්‍යවරයා කරන ලද බලපෑමකට බව තතුදත් ආරංචි මාර්ග වලින් යුක්තියට දැනගන්නට ලැබී ඇත. පරිභෝජනයට නුසුදුසු සහල් තොග විශාල ප්‍රමාණයක් සතොස ගබඩාවල තිබීම පිළිබඳ බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම පරික්ෂණ ආරම්භ කිරීම මේ ඉවත් කිරීමට ආසන්න හේතුව බව වැඩිදුරටත් දැනගන්නට තිබේ. පරිභෝජනයට නුසුදුසු සහල් තොග මෙසේ ගබඩාකර තිබීම පිළිබඳ කාරණාව රටට අනාවරණය කිරීම පිළිබඳව රිෂාඞ් ඇමතිවරයා ලැසිල් ද සිල්වාට දෝෂාරෝපණය කර ඇති බව දැනගන්නට ඇත. ලැසිල් ද සිල්වා ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීමෙන් පෙනි යන්නේ රිෂාඞ් බද්දියුදීන් ගේ චෝදනාව ජනාධිපතිවරයා අනුමත කළනිසා යැයි දැනගන්නට ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *