දකුණු පළාත් පොකුර 600 පනී ; ගාල්ලේ තත්ත්වය බරපතළයි

දකුණු  පළාතෙන් හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 636 ක් දක්වා ඉහළ  ගොස් ඇති බව පළාත් සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි. ඊයේ දිනයේ එම පළාතෙන් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව 56 කි.

මෙයින් වඩා බලපතළ තත්ත්වයක් වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි . ගාල්ලේ ඉමදුව ප්‍රදේශයෙන් අලුතින් ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. ගාල්ලේ ප්‍රදේශ ගණනාවකට  සංචරණ සීමා පනවා තිබේ.

මාතර, දෙනියාය නගරයේ ද ප්‍රදේශ ගණනාවකට අලුතින් සංචරණ සීමා පැන වූ බව රජය නිවේදනය කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *