බස්නාහිරින් යන අයගේ කොවිඩ් පරීක්ෂණ අසාර්ථකයි ; දශ දහස් ගණනක් පනිද්දී පරීක්ෂණ සිය ගන්නයි

උත්සව සමයේ බස්නාහිර පලාතෙන් පිටව යන අය ගැන කෙරෙන රැපිඩ් අන්ටිජන් හදිසි පරීක්ෂණ කරණය අසාර්ථක වී ඇති බවත් , දශ  දහස් ගණනක් විවිධ මාර්ග ඔස්සේ පලාතෙන් පිටව යන බවත් , අපගේ ආරංචි මාර්ග කියයි.

මෙම පරීක්ෂණ කෙරෙන්නේ ප්‍රධාන මාර්ගවල ස්ථාන කිහිපයක දී ය.  දකුණු මාර්ගයේ බේරුවල, රත්නපුර මාර්ගයේ කොස්ගොඩ, නුවර මාර්ගයේ නිට්ටඹුව , පුත්තලම මාර්ගයේ කොච්චිකඩේ , ඇතුළු ස්ථාන කිහිපයක මෙය ක්‍රියාමක කෙරිණි.

කෙසේ වෙතත් , බොහෝ දෙනා වෙනත් මාර්ග ඔස්සේ බසනහිර පළාතෙන් පිටව යන බවත් , ඉහත කී මාර්ගවල දී වූවද, සියලු දෙනා පරීක්ෂාවට ලක් නොවන බවත් , අපගේ ආරංචි මාර්ග කියයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ බස්නාහිර පලාතෙන් පිටවන ලක්ෂ ගණනක් දෙනා පරීක්ෂාවට ලක් කිරීම ප්‍රයෝගික නොවන බව යි . එමෙන් ම,  පළමු දිනයේ පරීක්ෂණ අනුව පිටවන අයගෙන් සියයට එකක් ආසාදිත බව පෙනීයන හෙයින් ලක්ෂ ගණනක් පිට පළාත්වලට යාම රෝගය වේගයෙන් පැතිරීමට හේතු වන බව එම සංගමය ප්‍රකාශ කළේය..

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *