ශ්‍රීලනිප ආණ්ඩුවෙන් යයි ! දිගට ම කෙරෙන කෙනෙහිලි ඉවසන්න බැරි ලු

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදීමට පොරොන්දු වූ කිසිවක් ලබා නොදී දිගින් දිගට කරන කෙනෙහිලිකම්වලට දැඩි ප්‍රතිචාර දැක්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් තීරණය කොට ඇති බවත්, ආණ්ඩුවෙන් ඉවත්වීමට යෝජනා වී ඇති බවත්, තතු දත් ආරංචි මාර්ග කියයි.

පක්ෂ නායක මෛත්‍රීපාල  සිරිසේන මහතාට ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් නොදීම , පාස්කු ප්‍රහාර පරීක්ෂණ කොමිසම ඉදිරියේ සිරිසේන මහතා අපහසුතාවයට පත්කිරීම, පක්ෂයට ප්‍රබල ඇමති තනතුරු නොදීම, පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරට පක්ෂයේ නම් කිරීම නොතකා පොහොට්ටු නායකයන්ගේ කැමැත්ත අනුව පත් කිරීම , ප්‍රාදේශීය මට්ටමේ ක්‍රියාකාරීත්වයේ දී, ශ්‍රීලනිප සංවිධායකයින් නොතකා හැරීම ආදී හැම අතකින් ම පක්ෂයට දිගින් දිගට කෙනෙහිලිකම් කරන බව ශ්‍රීලනිප ප්‍රබලයෝ කියති.

පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර සහ හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්වරුන් පසුගිය දිනවල මාධ්‍යයට ප්‍රකාශ කළේ අභාන්තරයේ පවතින මෙම විවේචන බව අපගේ ආරංචි මාර්ග කියයි.

මෙම තත්ත්වය විඳ  දරාගෙන සිටීම පක්ෂය තවත් දුර්වල වීමට හේතුවක් විය හැකි බව පක්ෂයේ බහුතර මතය වී ඇති බව කියති.

ආණ්ඩුවේ ජනප්‍රියතාවය වේගයෙන් පිරිහෙමින් පවතින නිසා මේ අවස්ථාවේ දී ඉවත්වීම ශ්‍රිලනිපට වාසිදායක බව ද ,තව පිරිසක් පෙන්වා දී ඇතැයි කියති.

මෙම තත්ත්වය යටතේ ඉදිරි පළාත් සභා මැතිවරණයට වෙන ම තරග කිරීනට ද , යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

යම් හෙයකින් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට හිමි තුනෙන් දෙකක බලය අහිමි වනු ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *