කොවිඩ් සමාජගත වී නැතැයි කීවත් මහමග පරීක්ෂණ පටන්ගත් අද ම රෝගී පහක් සොයා ගැනෙති

කොවිඩ් 19 තවම සමාජ ගතව නැතැයි රජය දිගට ම කියා සිටියත්, අද මහමග පටන්ගත් රැපිඩ් ඇන්ටිජන් හදිසි පරීක්ෂණ වල දී රෝගීන් පස්  දෙනකු සොයාගත් බව ද ආණ්ඩුව අද නිවේදනය කළේ ය.

බස්නාහිර පලාතෙන් පිටතට යන මගීන් 451 ක් පරීක්ෂා කිරීමේ දී මෙම රෝගීන් පස් දෙනා  සොයාගනු ලැබ ඇත.

නිවාඩුව සඳහා බස්නාහිර පලාතෙන් පිටව යන අය පරීක්ෂා කිරීම සඳහා අතර මග ස්ථානවල මෙම පරීක්ෂාව කිරීම අද දිනයේ ආරම්භ කරනු ලැබී ය.

රෝගීන් පස් දෙනකු සොයාගනු ලැබුවේ එලෙස පරීක්ෂ කිරීම් අරඹා පය කිහිපයක් ගත වන්නටත් පෙර දී ය.

ඉදිරි දිනවල දිගින් දිගට මෙම පරීක්ෂණ කරන බව රජය කියයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *