තවත් කොවිඩ් මරණ 05ක් ; දෙදෙනෙක් නිවෙස්වල දී ; එක අයෙක් මග දී මියයති

තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 165කි.
අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මග්ගොන ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි කාන්තාවක්,  කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ වතුපිටිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 86  හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.
මෙයින් මරණ දෙකක් දෙකක් සිදු වී ඇත්තේ නිවෙස්වල යි. අසාධ්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු රෝහලට රගීන එන විට තවත් මරණයක් සිදු වී ඇත . රෝහල් ගත කළ පසුව මියගොස් ඇත්තේ දෙදෙනකු පමණී.
රෝහලේ මියගිය රෝගීන් දෙදෙනා ම රෝහල් ගත කර ඇත්තේ වෙනත් රෝගී තත්ත්ව නිසා බව අපගේ ආරංචි මාර්ග කියයි. ඔවුන් කොවිඩ් ආසාදිතයින් බව හඳුනාගෙන ඇත්තේ රෝහල් ගත කළ පසුව ය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *