ඥානසාර හිමි පරදා රතන හිමි මන්ත්‍රී වරම් දිනා ගනීති

පාර්ලිමේන්තුවට පත්වීමට අපේ ජන බල පක්ෂයට ජාතික ලයිස්තුවෙන් ලැබුණු මන්ත්‍රී ධුරය සඳහා අතුරලියේ රතන හිමි සහ ගලගොඩ අත්තේ ඥානසාර හිමි අතර පැවති අභ්‍යන්තර සටනින් රතන හිමියෝ ජය හිමි කරගෙන සිටිති.

අලුතින් පත්වූ මැතිවරණ කොමිසම තම ප්‍රථම රාජකාරියක් ලෙස රතන හිමි මන්ත්‍රී ධුරයට පත් කිරීමට තීරණය කොට තිබීම එම ජයග්‍රහණයට හේතුව යි.

ඒ අනුව අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රීවරයා ලෙස රතන හිමියන් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේ දී දිවුරුම් දීමට නියමිත ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *