බස්නාහිරින් පිටවන්නට ආ 05කට කොරෝනා ; අහඹු පරීක්‍ෂණවලින් හෙලිවේ..

බස්නාහිර පළාතෙන් පිටව යාමට පැමිණි පුද්ගලයන් 05 දෙනකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි තහවුරු වී තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ස්ථාන කිහිපයක අහඹු ලෙස සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂාවෙන් මේ බව තහවුරු වූ බවයි.

මෙම ආසාදිතයන් 05 දෙනා හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පළාතේ සිට පිටව යාමට පැමිණි 451 දෙනෙකුට සිදුකරන ලද පරීක්ෂණවලදීය.

බස්නාහිර පළාතෙන් පිට වෙන පුද්ගලයන්ට අහඹු පරීක්ෂණ ස්ථාන කිහිපයකදී සිදු කිරීමට රජය විසින් තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *