මෙරට කොවිඩ් මරණ 160 න් 117 ක් කොළඹින් ; නිවෙස්වල මියගිය ගණන 62 ක්

මේ වනවිට මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 160ක් වාර්තා වී තිබෙන අතර ඉන් 117ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

මෙරට සිදුවී ඇති කොවිඩ් මරණ ගැන සැලකීමේ දී වෛරසය ආසාදනය වී මියගිය 160 දෙනාගෙ‍න් 04 දෙනෙකු වයස අවුරුදු 30ට අඩු වයස්වල පසුවූවෝ වෙති.

අවුරුදු 31 ත් 40ත් අතර වයස්වල පසුවූ 04 දෙනෙක්  වයස 41ත් 50ත් අතර වයස්වල පසුවූ 20 දෙනෙක්  අවුරුදු 51ත් 60ත් අතර වයස්වල පසුවූ 28 දෙනෙක්  මිය ගිය අය අතරට අයත් වුහ.

අවුරුදු 61ත් 70ත් අතර වයස්වල පසුවු 32 දෙදෙනෙක් මිය ගිය පිරිස අතර වෙති.

තවත් විශේෂිත කරුණක් වන්නේ මියගිය 70 දෙනෙකුම වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයන් වී ම ය.

කොවිඩ් මරණ සිදුවී ඇති සෙසු ප්‍රදේශ වන්නේ,

ගම්පහ – 15
කළුතර – 11
පුත්තලම – 05
කුරුණෑගල – 04
මාතර – 02
මාතලේ -01
මහනුවර -01
නුවරඑළිය -01

පදිංචි ප්‍රදේශය හඳුනානොගත් එක් මරණයක් හා බන්ධනාගාරවලින් වාර්තා වූ මරණ දෙකක්ද මේ අතරට අයත් ය.

වෙරට සිදූවූ කොවිඩ් මරණ 160 න් 98 ක්ම රෝහල්වලදී සිදුවූ මරණ ලෙස වාර්තා වේ.

නිවෙස්වලදී හෝ රෝහල් වෙත ඇතුළත් කරන අවස්ථාවේදි වාර්තා වු මරණ ගණන 62කි.

( අද දෙරණ ඇසුරිණි )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *