සුපිරි කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සුපිරි හෝටල්වල දී – ජනපතිගෙන් උපදෙස්

කොවිඩ් රෝගයට ගොදුරුවන සුපිරි ධනපතියන්ට ප්‍රතිකාර කිරීමට සුපිරි හෝටල් යොදා ගැනීමට ජනාධිපති තුමා උපදෙස් දී ඇති බව වාර්තා වෙයි. සුපිරි හෝටල්වල මුදල් ගෙවා ප්‍රතිකාර ගත හැකි ධනවතුන් සඳහා මෙම පහසුකම සපයනු ඇත.

එමෙන් ම, කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පෞද්ගලික රෝහල්වලට ද අවස්ථාව දීමට රජය සලකා බලමින් සිටින බව ද වාර්තා වී තිබේ.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ ප්‍රකාශකළේ කොවිඩ් පැතිරීමේ තත්ත්වය භයානක බවත්, ඔවුන්ට ප්‍රතිකාර කිරීමට පෞද්ගලික රෝහල් පවරා ගැනීමට සලකා බලමින් සිටින බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *