බයිඩන් ජනාධිපතිවරණය දිනු බව නිල වශයෙන් නිවේදනය කිරීමේ වගකීම ට්‍රම්ප්ගේ උප ජනාධිපතිට

 

ඇමෙරිකාවේ ඡන්ද ක්‍රමය අනුව මහජන චන්දයෙන් පත් වූ එලෙක්ටෝරල් කොලීජීය විසින් ජනාධිපති ලෙස ජෝ බයිඩන් සහ උප ජනාධිපති ලෙස කමලා හැරිස් පත්කරගෙන ඇති බව එම ඡන්ද ප්‍රතිඵල සමග නිවේදනය කිරීමේ වගකීම ට්‍රම්ප්ගේ උප ජනාධිපති සහ පසුගිය මැතිවරණයේ පරාජිත උප ජනාධිපති මයික් පෙන්ස්ට පැවරී ඇති බව ඇමෙරිකා  එක්සත් ජනපද ජන මාධ්‍ය කියයි.

මෙම ජනාධිපති පත්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනෙනේ ජනවාරි 6 දා ය . ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ  සහ කොන්ග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ රැස්වීමක දී මෙම නිල නිවේදනය සිදුකිරීම එරටෙහි පවතින සම්ප්‍රදාය සහ ව්‍යවස්ථාපිත නීතිය යි.

එය සිදු කරන්නේ සෙනෙට් සභාවේ සභාපති විසිනි. එරට නීතිය අනුව සෙනෙට් සභාවේ සභාපති ධුරය නිල බලයෙන් හිමි වන්නේ උප ජනාධිපතිවරයාට යි. මේ වන විට උප ජනාධිපතිව සිටින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උප ජනාධිපති මයික් පෙන්ස් ය.

ඒ අනුව ජෝ බයිඩන් ජනාධිපති ලෙස පත් වූ  බව නිවේදනය කිරීමේ වගකීම මයික් පෙන්ස් ට හිමි වී ඈත.

2016 දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණය ජයගත් විට එය නිල වශයෙන් නිවේදනය කළේ  එවකට ඔබාමාගේ උප ජනාධිපතිවරයාව සිටි ජෝ බයිඩන් විසිනි.

මෙතෙක් කල් මේ පිළිබඳව ගැටළුවක් නොවූ නමුත්, මෙවර එයට අවදානය යොමු වී ඇත්තේ ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය නීත්‍යනුකුල නැතැයි  ට්‍රම්ප් කරන ප්‍රකාශය සමග ය.

ට්‍රම්ප්ගේ දැඩි ස්ථාවරය නිසා, මයික් පෙන්ස් කුමක් කරයිද? යන්න ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *