රජයේ රෝහල්වලට නොපැමිණ කොවිඩ් රෝගීන් තිදෙනක් මරු දකිති

කොවිඩ් 19 ආසාදිත රෝගී මරණ තුනක් අද උදේ වාර්තා වීය.

කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ පිරිමි දෙදෙනෙක් මෙලෙස මියගොස් තිබේ .

මෙහි විශේෂත්වය වන්නේ මොවුන් තිදෙනා ම රජයේ රෝහල්වල දී මියගිය ය නොවීම යි.

කාන්තාව මියගොස් ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලක දී ය. තවත් එක් අයෙක් නිවසේ දී මියගොස් ඇති අතර අනෙක් තැනැත්තා අසාධ්‍ය තත්ත්වයට පත් වී කොළඹ ජාතික රෝහලට ගෙනෙන විට මියගොස් ඇත.

පසුගිය කාලයේ  බොහෝ දෙනකු නිවෙන්වල මියගිය  බව වාර්තා වීම ගැන අප කළ විමසුමක දී සෞඛ්‍ය සේවාවේ බලධාරියකු ප්‍රකාශ කළේ රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ ඥාතින් නිරෝධායන කඳවුරුවලට ගෙනගොස් හෝ නිවෙස්වලින් ඉවත යාමට නොදී හෝ නිරෝධායනය කරනු ඇතැයි බිය නිසා රෝගීන් රජයේ රෝහල්වලට නොපැමිණ නිවෙස්වල ප්‍රතිකාර ගැනීමට යොමුවන බව පෙනෙන්නට තිබෙන බවයි.

ඒ අතරින් ජීවිත රැකගන්නා අය ගැන රෝහල්වලට වාර්තා නොවෙයි. වාර්තා වන්නේ රෝගීන් මියගිය පසුව පමණකි. මෙය භයානක තත්ත්වයක් බව අදාළ සෞඛ්‍ය බලධාරියා අපට ප්‍රකාශ කළේ ය.

මේ වනවිට මෙරට දී මියගිය කොවිඩ් රෝගෙන් සංඛ්‍යාව 157 ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන් ම රටේ සියලු ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වීම හා ප්‍රදේශ අගුළු දැමීම ද පසුගිය දිනවල වාර්තා වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *