මෙරට ඉතිහාසයේ දරුණුතම ආර්ථික කඩාවැටීම 2020 දෙවන කාර්තුවේ වාර්තා වෙයි. සෘණ 16.3යි.

2020 දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය 2019 වසරේ අනුරූප කාර්තුවට සාපේක්ෂව 16.3%කින් පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙය මෙරට ඉතිහාසයේ සිදුවූ දැවැන්තම ආර්ථික කඩාවැටීම ලෙසයි වාර්තා වන්නේ.

2020 පළමු කාර්තුවේදී ද ආර්ථික වර්ධනය සටහන් වූයේ සෘණ 1.6ක් වශයෙනි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2020 දෙවැනි සහ තෙවැනි කාර්තුවල දළ දේශීය නිෂ්පාදිතයට අදාළ දත්ත ඇස්තමේන්තු ඊයේ (15) දිනයේදී ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව තෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකය 1.5%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ඔවුන්ගේ ඇස්තමේන්තු අනුව සමස්තයක් ලෙස 2020 වසරේ මුල් මාස 9 හි දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සෘණ 5.3%ක් වශයෙන් දක්වා ඇත.

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *