කොවිඩ් පොකුර තිස් දහස පනී ; සමස්තය තිස් හතර දහස පනී

දිවුලපිටිය, පෑලියගොඩ , බන්ධනාගාර පොකුර ලෙස හඳුන්වනු ලබන වත්මන් කොවිඩ් පොකුර අද තිස් දහසේ සීමාව පසු කළේ ය. අද දිනයේ වාර්තා  වූ කොවිඩ් ආසාදිතයින් 622 ක සංඛ්‍යාවත් සමග මෙම කොවිඩ් පොකුර වාර්තා වුයේ 30,459 ක් වශයෙනි.

මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 34,083 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 622 ක් වාර්තා වුයේ අවස්ථා දෙකක දී ය. ඒ 420 ක් සහ 202 ක් වශයෙනි.

අද හමු වූ 622 ගෙන් 554 ක් පෑලියගොඩ පොකුරට සම්බන්ධ බව ද, 68 ක් බන්ධනාගාර පොකුරට සම්බන්ධ බව ද, කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *