මේ හයිබ්‍රිඩ් ආණ්ඩුවට ගොඩක් දුරයන්න පුළුවන් – පුණරුත්ථාපන හා නැවත පදිංචිකිරීමෙ රාජ්‍ය අමාත්‍ය මුහමුද් හිස්බුල්ලා

2016.03.02 - Hizbullaපසුගිය ජනාධිපතිවරණයේ දී මුස්ලිම් ජනතාවගේ ඡුන්දය පාවිච්චි කිරීමේ ප‍්‍රතිශතය කවදාවත් නැති විදිහට වැඩි වුණා. ඒ මහින්ද රාජපක්‍ෂව ගෙදර යැවීමේ අවශ්‍යතාවය නිසා, මුළු මුස්ලිම් ඡුන්ද ප‍්‍රමාණයෙන් 90% ක් පමණ මෙවර ඡුන්දය පාවිච්චි කෙරුවා. ඇවිදින්න බැරිව සිටින අය, ඔත්පලව සිටින අය පවා මෙවර ඡුන්ද පොළට එක්ක ගිහින් ඡුන්දය පාවිච්චි කරන්න ඉඩ සැලැස්වුවා. මහින්ද රාජපක්‍ෂ පරාජය කළ යුතුයි කියන මතය එතරම්ම ප‍්‍රබලව මුස්ලිම් ජනතාව අතර තිබුණා.

යහපාළන පාළනය පටන් අරන් අවුරුද්දකුත් මාස දෙකකට ආසන්නයි.  එය සැලකියයුතු කාලයක්. යහපාලන රජයේ ඇමතිවරයකු වශයෙන් ඔබට සෑහීමකට පත්වෙන්න පුළුවන් වැඩ කොටසක් යහ පාලනය යටතේ සිදු වෙලා තියෙනවද?

ඇත්තෙන්ම, සම්පූර්ණයෙන්ම සෑහීමකට පත්වෙන්න බැහැ. ජනතාව එකවරම විශාල පරිවර්තනයක් බලාපොරොත්තු වුණා. එහෙම පරිවර්තනයක් එකවර කරන්න අපහසුයි. එහෙම පරිවර්තනයක් කිසිම නායකයෙකුටවත්, කිසිම ආණ්ඩුවකටවත් කරන්න බැහැ. අපි තවම එතරම් කාලයක් ගෙවලා නැහැ. දින සියයයේ ආණ්ඩුවෙන් පසුව පැවති මැතිවරණ ජයග‍්‍රහණයේ සිට තමයි වැඩ කරන්න ආරම්භ කළේ කියල කියන්න පුළුවන්. පසුගිය අගෝස්තු මාසයේ සිට තවම ගෙවා තියෙන්නේ මාස හතක පමණ කාලයක්. දේශපාලන බලය වෙනස් වීමකින් පසුව වැඩ කටයුතු ආරම්භ කිරීමට කලක් ගත වෙනවා. දැන් සියලූ දේශපාලන ප‍්‍රශ්න නිමාවෙමින් තියනවා. ඉදිරියට තියෙන්නේ රටේ දියුණුව සඳහා වැඩ කිරීමයි.
දැනට තරමක වෙනසක් ඇති වී තිබෙන බව ඔබ කියනව. ඒ වෙනස් කම් ගැන සඳහනක් කරනව නම්?
මාධ්‍ය නිදහස අද ඇතිවෙලා තියෙනව.  ඕනම කෙනෙකුට රජයට විරුද්ධව වුවත් කතා කිරීමේ නිදහස තියනවා. රජයේ මාධ්‍ය පවා මධ්‍යස්ථයි. අද විරුද්ධ පක්‍ෂයටත් පාලක පක්‍ෂයට වගේම අවස්ථාව ලැබෙනවා තමන්ගේ මතය ප‍්‍රකාශ කිරීමට. ජනාධිපතිතුමාගේ විධායක බලය අඩු කරල තියෙනව. ජාත්‍යන්තරව රටක් වශයෙන් විශාල කීර්තියක් දිනාගෙන තියනවා. එය විදේශ ප‍්‍රතිපත්ති අතින් විශාල පරිවර්ථනයක් කියල කියන්න පුළුවන්.

මොනව කිව්වත් රටේ සංවර්ධනය නැවතිලා කියල චෝදනා එල්ල වෙනව නේද?

ඔව් ඒක පිළිගන්න වෙනව. සංවර්ධනය පැත්තෙන් අඩුපාඩු තිබුණා. දැන් තමයි සංවර්ධන වැඩකටයුතු ආරම්භ කරල කරගෙන යන්නෙ. නැවතී තිබූ ෆෝට් සිටි ව්‍යාපෘතිය අඩුපාඩු සකස් කර නැවත ක‍්‍රියාත්මක කරන්න තීරණය කරල තියෙනව. පසුගිය රජය විසින් ඇති කර තිබූ ඇතැම් ප‍්‍රශ්න නිරාකරණය කරන්න යහපාළන රජයට සිදු වුණා. යුරෝපීය රටවල් මෙන්ම අරාබිරටවල් වල පවා ලංකාව පිළිබඳව යහපත් ප‍්‍රතිරූපයක් ඇති වෙලා තිබුණෙ නැහැ. සුළු ජාතීන්ට විරුද්ධව කටයුතු කිරනවා යැයි යන මතය නිසා අපේ රට ගැන අරාබිරටවල ආණ්ඩු එතරම් හොඳ ප‍්‍රතිචාරයක් දැක්වූවේ නැහැ. යුරෝපීය රටවල් මානව හිමිකම් ප‍්‍රශ්න මත ද්‍රවිඩ ජාතියට වෙන හිරිහැර පිළිබඳව අපේ රට ගැන පැහැදීමකින් හිටියෙ නැහැ. එම නිසා අපිට ලැබෙණ ණය ආධාර නැවතී තිබුණා. පසුගිය කාලය තුළ එම මත අයින් කර ගැනීමට හැකිවීම පිළිබඳව අප සතුටු වියයුතුයි. අතිගරු ජනාධිපතිතුමාත්, ගරු අගමැතිතුමාත් මෙම කාර්යයයේදී විශාල කැපවීමක් කෙරුව. දැන් යුරෝපීය රටවල් සහ ආරාබි රටවල් මෙන්ම අසල්වැසි ඉන්දියාවත් අප සමග සහයෝගයෙන් වැඩ කිරීමටත්, ඉදිරියේදී රටේ සංවර්ධනය සඳහා ආධාර ලබා දීමටත් සූදානම් වී සිටිනවා. ඔවුන් කියනව දැන් අපේ රටේ හොඳ ආණ්ඩුවක් තියෙනව. බය නැතුව ආයෝජනය කරන්න පුළුවන් කියලා. රට පිළිබඳව හොඳ පණිවිඩයක් ලෝකයේ හැම රටකටම ගිහිල්ලා තියෙනව. එය ඉතාම හොඳ තත්ත්වයක්. මේ තත්ත්වය යටතේ මහාපරිමාණ ආයෝජකයන් ලංකාවේ ආයෝජන කිරීමට කැමැත්ත පල කර තියෙනව.

එම ජයග‍්‍රහණ කෙටි කලකින් යහපාලන ආණ්ඩුව ලබාගත් ජයග‍්‍රහණද?

ආයෝජකයන් ලංකාට ඒමට පෙළඹවීමට, යුද්ධය නතර වීමත් ප‍්‍රධාන කරුණක්. එහි කීර්තිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හිමිවිය යුතුයි. එතුමාගේ ශක්තිමත් සහ එඩිතර නායකත්වය නිසයි තිස්වසරක යුද්ධය අවසන් කිරීමට හැකියාව ලැබුණෙ. එතුමාවගේ එඩිතර ශක්තිමත් නායත්වයක් නොතිබුණා නම් යුද්ධය අවසන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතුමාගේ කාලය තුළ යුද්ධය අවසන්කිරීමට හැකි වුවත්, අවාසනාවන්ත විදිහට සුළු ජාතීන්ගේ හිත් දිනාගන්න හිටපු ජනාධිපතිතුමාට නොහැකි වුණා. යුද්ධය අවසන් කරලා සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරළත් සුළු ජාතීන්ගේ හිත් දිනා ගැනීමට නොහැකි වීම නිසා අවාසනාවන්ත තත්ත්යක් ඇති කෙරුවා.

ලංකාව හැමදාම පසුගාමී රටක් විදිහටයි හඳුන්වන්නේ. ඉදිරියේදී අපිට සංවර්ධිතරටක් වශයෙන් ගොඩනැගීමේ හැකියාවක් තියෙනවද?

ලංකාව පිහිටලා තියෙන්නේ කේන්ද්‍රස්ථානයක. ලංකාව දියුණු වීම සංගප්පූරුව, මාලදිවයින, මැලේසියාව වගේ රටවල් වලට ප‍්‍රශ්නයක්. අපි දියුණු වුවහොත් ඒ අයගෙ දියුණුව අඩාල වෙනව. අපිට ආකර්ශනය වෙන්නේ ඒ රටවලට එන ආයෝජකයන්, සංචාරකයන්. එම රටවල් විතරක් නෙමෙයි, ඉන්දියාව මෙන්ම ඩුබායි රාජ්‍යයත් අපේ රට දියුණු වෙනවට කැමැත්තක් නැහැ. අපේ ගුවන් තොටුපල, වරාය සංවර්ධනය වුණා නම් අපිට තියෙන ආකර්ෂණය වැඩි වෙනව. වෙනත් වරායවලට, ගුවන් තොඩුපලවලට යන නැව්, ගුවන් යානා අපේ රට සිය මධ්‍යස්ථානය කරගන්නවා. සිංගපූරුව, මැලේසියාව, ඩුබායි, මාලදිවයින් වගේ මොන රට ගත්තත් අපේ රටේ පිහිටීම ඒ හැම රටකටම වඩා හොඳ කේන්ද්‍රස්ථානයක්. අපේ සංචාරක කර්මාන්තය බිඳවැටීත් සමගම තමයි මාලදිවයින සංචාරක කර්මාන්තයෙන් විශාල වශයෙන් දියුණු වුනේ. නැත්නම් ඔවුන් සිටියේ ඉතාමත් පසුගාමී තත්ත්වයකයි. අපි සංචාරක කර්මානතය අතින් පහසුකම් ලබා දුන්නා නම් මාලදිවයින, මැලේසියාවට වඩා සංචාරකයින් වැඩි කැමැත්තක් දක්වන්නේ ලංකාවට පැමිණීමටයි.

පසුගාමි තත්ත්වයෙන් අපේ රට ගොඩගත හැකියයි ඔබ විශ්වාස කරනවද?

ඇත්ත වශයෙන්ම එය කරන්න පුලූවන්. අපි අනාගත පරපුරට බාර දීමට මේ රට දියුණු තත්ත්වයකට පත් කළ යුතුයි.  අපි නියමිත සැලැස්මක් අනුව අවුරුදු පහක් සමගියෙන් වැඩ කෙරුවොත් අපිට ගොඩක් උසස් තත්ත්වයකට මේ රට පත්කරන්න පුළුවන්.  අනිත් රටවලට ණය දෙන්න තරම් සම්පත් අපේ රටට තියෙනවා. අපි ඒ සම්පත් උපයෝගී කරගෙන ලංකාව දියුණු කළ යුතුයි. දැනට අපේ රට දියුණු කිරීමට නම් ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහයෝගය අවශ්‍යමයි. එය දැන් ලැබී තියෙනව. ඉතින් දැන් අපට ඇත්තේ රට දියුණු කිරීමටයි. යහපාලන රජය වසරක් තුළ සාදා තිබෙන්නේ රටට හිතකර ලෝක තත්ත්වයක්. ඒ තුළින් ඉදිරියට යාමයි දැන් කළයුතුව තිබෙන්නෙ.

යුද්ධය ඉවරකිරීමට ඔබ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාට සම්පූර්ණ සහයෝගය දුන්නා. එහිදී ඔබ ලොකු වැඩ කොටසක් කළ බව මා අසා තියෙනව.

යුද්ධය අවසන් කිරීමට මම මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාට විශාල සහයෝගයක් දුන්නා. විශේෂයෙන්ම නැගෙනහිර පලාතෙ යුද්ධය අවසන් කිරීට විශාල සහයෝගයක් ලබා දුන්නා. නැගෙනහිර පළාතේ යුද්ධය අවසන් වුන නිසයි, තනිකරම හමුදා බලය උතුරට යොදවලා යුද්ධය අවසන් කිරීමට හැකියාවක් ලැබුණෙ. අපිට විශ්වාසයක් තිබුණා හිටපු ජනාධිපතිතුමා යුද්ධය අවසන් කරයි කියල. ඒම නිසා අපිට හැකි උපරිම සහයෝගයක් අපි දුන්නා.

නැගෙනහිර පළාත අල්ලාගත් පසුව, අපිට නැගෙනහිර පළාත් සභාව පිහිටවීමට හැකි වුනා. උතුරු නැගෙනහිර මහ ඇමති¥රය මට ලැබුණත් මම එය පරිත්‍යාග කෙරුව. එය ලැබුණේ පිල්ලෙයාන්ට. නැගෙනහිර පළාතෙ යුද්දෙ ඉවර වුනාම අපි ඒ පළාත බාර ගත්තා සංවර්ධන කටයුතු කිරීම පිණිස. අවුරුදු දෙකක් ඇතුළත ජනතාවගේ අවශ්‍යතාවයන් රැුසක් අපි ඉෂ්ට කෙරුවා. විදුලි බලය, පාසැල් මේ සියල්ල අපි යථා තත්ත්වයට පත් කෙරුවා. නැගෙනහිර පලාතේ වසා තිබුණ පාසල් වසරක් ඇතුළත යළි විවෘත කර පවත්වාගෙන යාමට අපට හැකි වුණා. පාරවල්, ආරෝග්‍යශාලා සියල්ල යථා තත්ත්වයට පත් කරන්න හැකි වුණා. අපි අවුරුද්දක් දෙකක් ඇතුළත යළි යථාතත්ත්වයට පත් කරන්න හැකි වුණාම ජනතාව කල්පනා කෙරුවා, අපි යුද්දය පැවති කාලයේ මොනතරම් දුක් වින්දද කියල.

ඔබ කියන විදිහට හිටපු ජනාධිපතිතුමාගේ ශක්තිමත් නායකත්වයෙන් යුද්දය දිනන්න පුළුවන් වුණා නම්, යුද්ධයෙන් පස්සෙ ඉකිමනින් ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට හැකි වුණා නම්, ඇයි ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ පැරදුනේ. ඇයි ඔහුට උතුරු නැගෙනහිර ඡුන්ද නොලැබුණෙ?

වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා පැරදුනේ, මුස්ලිම්, ද්‍රවිඩ යන සුළු ජන කොටසක් සම්පූර්ණයෙන්ම මහින්දට විරුද්ධව ඡුන්දය පාවිච්චි කරීම නිසා තමයි  ඔහු පරාජයට පත්වුනේ. මම අනිත් කොටස් පැත්තකින් තියලා මුස්ලිම් ජනතාව ගැන පමණක් කතා කරන්නම්. ලංකාවේ මුස්ලිම් ජනතාවගේ ඡුන්ද ලක්‍ෂ 15 ක් පමණ තියෙනව. සාමාන්‍ය මැතිවරණයකදී මේ ඡුන්ද ලක්‍ෂ 15 න් ලක්‍ෂ 11 ක් 12 ක් පමණ තමයි ඡුන්ද පාවිච්චි කෙරෙන්නෙ.   මේ ලක්‍ෂ 10 න් ලක්‍ෂ 3 ක් පොදු පෙරමුණට කොහොමත් තිබුණ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හිටියේ එක මුස්ලිම් නායකයයෙක් විතරයි. ඒ බද්දියුදීන් මුහමුද් මහතා විතරයි. ඉතිරි ඡුන්ද තිබුණෙ එක්සත් ජාතික පක්‍ෂයටයි. බාකිර්මාකර්, එච්.එම් මොහොමඞ් වගේ මුස්ලිම් නායකයන් නිසා බහුතර ඡුන්ද ප‍්‍රමාණයක් තිබුණෙ එක්සත් ජාතික පක්‍ෂයටයි. අස්රෆ් ඇමතිතුමා සහ අපි කණ්ඩායමක් එකතුවුණාට පස්සේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මුස්ලිම් ඡුන්ද පදනම වැඩි වෙන්න පටන් ගත්තා. මුලින්ම ලක්‍ෂයක් එක හමාරක් පමණ තමයි තිබුණෙ. පසුව තමයි එය ලක්‍ෂ තුනක් දක්වා වර්ධනය වුණෙ.  අපි පසුගිය පලාත් සභා මැතිවරණයේදී ඡුන්ද ලක්‍ෂ 4 ක් ගත්තා. ලක්‍ෂ 6 ක් පමණයි ඒ සැරේ එක්සත් ජාතික පක්‍ෂයට ගන්න පුළුවන් වුනේ.

එහෙනම් කොහොමද මහින්ද රාජපක්‍ෂයට ලැබිය යුතු සුළු ජාතික ඡුන්ද නොලැබී ගියේ?

බොදු බල සේනා ක‍්‍රියාකලාපය නිසා බහුතර මුස්ලිම් ජනතාව හිතන්න පටන් ගත්තා මහින්ද රාජපක්‍ෂ රජය මුස්ලිම් විරෝධි ව්‍යාපාරයක් ගෙනයවනවා කියල. ඇත්තෙන්ම එය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඇති කරන ලද තත්ත්වයක් නෙමෙයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පරාජය කිරීමට අවශ්‍ය නිසා එම ප‍්‍රශ්නය ජාත්‍යන්තර වශයෙන් නිර්මාණය කරන ලද්දක් බවයි මම හිතන්නෙ. ඇමරිකාව, නෝර්වේ වගේ රජයන් උදව් කරල බොදු බල සේනාව නිර්මාණය කරල, ජාතීන් අතර ගැටළුවක් නිර්මාණය කරල තමයි මහින්ද රාජපක්‍ෂය අපකීර්තියට පත් කෙරුවෙ. අනිත් ජාතීන් ගැන නෙමෙයි මම කතා කෙරුවේ මුස්ලිම් ජාතීන්ගේ ඡුන්ද මහින්ද රාජපක්‍ෂ මහතාවෙත නොලැබීමට හේතුවයි.

මේ බොදු බලසේනා ව්‍යාපාරය පිටුපස සිටියේ මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ කියල මතයක් තියනව නේද?

ඔව් එහෙම මතයක් රටේ පැතිර ගියා. ඒත් මම ඒක විශ්වාස කරන්නෙ නැහැ. හැබැයි බොදු බල සේනා ක‍්‍රියා කලාපයන් නතර කරන්න හැකියාව තිබුණත් ඒ ටික මහින්ද රාජපක්‍ෂත්, ගෝඨාභය රාජපක්‍ෂත් කෙරුවෙ නැහැ. ඒක ඔවුන් විසින් කළ වැරැුද්දක්. බොදු බල සේනාවේ විරෝධය පාලනය කරන්න හැකියාව තිබුණත් එය කෙරුවෙ නැහැ.

එක සැරයක් ගාල්ලේ හෝ මාතර බොදු බල සේනා කාර්යාලයක විවෘත කිරීමේ උත්සවයක් තිබුණා. ගෝඨාභය රාජපක්‍ෂ ගියා. මම එය දැක්කේ නොකළ යුතු දෙයක් විදිහටයි. මම එතුමාට ගොඩක් ගරු කරනවා. එතුමා ජීවිත පරිත්‍යාගයෙන් මේ රට බේරගන්න කටයුතු කරපු කෙනෙක්.  මම එම කාර්යාලය විවෘත කරන එකට යන්න එපා කියලා ගරු ජනාධිපති පතිතුමාටත්, ආරක්‍ෂක ලේකම් ගෝඪාභයටත් කතා කරල කිව්වා. ‘‘ඒ ගොල්ල කාර්යාලයක් අරින එක ප‍්‍රශ්නයක් නැහැ. ඒකට රාජ්‍ය නියෝජනයක් ලබා දෙන එක හොඳ නැහැ’’ කියල මම කිව්ව. බොදු බල සේනා මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කරනකොට ආරක්‍ෂක ලේකම් ඒක විවෘත කරන්න යනවනම් ඒක හොඳ දෙයක් නෙමයි කියල මම කීප වතාවක් මතක් කෙරුවත්, ගෝඨාභය රාජපක්‍ෂ ඒ උත්සවයට ගියා. ඒකෙන් වුණේ එයට රාජ්‍ය නියෝජනයක් ලබා දීමයි. බොදු බල සේනා ප‍්‍රශ්නය එන විට රජයෙන් එය කොන්රොල් කරල,  ගැටුම් ඇති නොවීමට වග බලාගත්තනම් මුස්ලිම් ජාතික ඡුන්ද එතුමාට ලබා ගන්න තිබුණා. එහෙනම් එතුමා පරදින්නෙ නැහැ.

බොදු බල සේනා සංවිධානයට බෞද්ධයන් ගැන කතා කිරීමේ අයිතිය තියනව. ඒක නවත්වන්න කාටවත් බැහැ. මේක බෞද්ධ රටක්. මේ ලෝකයේ තියෙන එකම සිංහල බෞද්ධ රට. බෞද්ධාගම ආරක්‍ෂා කිරීම කළ යුතු දෙයක්. සෞදි අරාබිය වගේ රටවල මුස්ලිම් ආගම ආරක්‍ෂා කර ගැනීමට විශාල කැපවීමක්, උත්සාහයක් ගන්නවා. සියලූ ජාතීන් අතර ප‍්‍රශ්න තියෙනනව නම් කතා කරල විසඳා ගත යුතුයි.

බොදු බල සේනා හිතුවක්කාර වැඩ කරන කොට පසුගිය රජය එයට ඉඩ දී බලා සිටියද කියන එක අපටත් ප‍්‍රශ්නයක්. එය විරුද්ධ මුස්ලිම් නායකවරු අතට ගත්තා. විශේෂයෙන්ම අසාද්සාලි වගේ අය පුංචි පුංචි සිද්ධීන් අරගෙන විශාල බිය ජනක තත්ත්වයක් නිර්මාණය කෙරුව. ඒ නිසා මුස්ලිම් ඡුන්ද මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාට නැති වුණා. එක තමයි පරාජය වෙන්න එකම හේතුව වුනේ. කවදාවත් නැති විදිහට පසුගිය ජනාධිපතිවරණයේ දී මුස්ලිම් ජනතාවගේ ඡුන්දය පාවිච්චි කිරීමේ ප‍්‍රතිශතය කවදාවත් නැති විදිහට වැඩි වුණා. මහින්ද රාජපක්‍ෂව ගෙදර යැවීමේ අවශ්‍යතාවය නිසා, මුළු මුස්ලිම් ඡුන්ද ප‍්‍රමාණයෙන් 90% ක් පමණ මෙවර ඡුන්දය පාවිච්චි කෙරුවා. ඇවිදින්න බැරිව සිටින අය, ඔත්පලව සිටින අය පවා මෙවර ඡුන්ද පොළට එක්ක ගිහින් ඡුන්දය පාවිච්චි කරන්න ඉඩ සැලැස්වුවා. මහින්ද රාජපක්‍ෂ පරාජය කළ යුතුයි කියන මතය එතරම් ප‍්‍රබලව මුස්ලිම් ජනතාව අතර තිබුණා.

මුස්ලිම් ජනතාව අතර මහින්ද රාජපක්‍ෂ කෙරේ විශාල ගෞරවයක් තිබුණා. ඔවුන් කිව්වේ හොඳ නායකත්වයක්, එඩිතර නායකත්වයක්, රටට  ඕනෑ ඒ වගේ නායකයෙක් කියල. නමුත් බොදු බල සේනාව මුස්ලිම්වරුන්ට විරුද්ධව කටයුතු කිරීමේදී එය මැඩපැවැත්වීමට කටයුතු කෙරුවෙ නැහැ කියල ජනතාව මහින්දට විරුද්ධ වුනා. මහින්දත් එක්ක හිටියේ මුස්ලිම්වරු ඉතාම ටික දෙනෙක් මගේ ආසනයේ (මඩකලපුව* ටිකදෙනෙක්, අක්කරෙයිපත්තුව ටිකදෙනෙක්, බේරුවල ටිකදෙනෙක් වගේ තමයි ඡුන්දය පාවිච්චි කෙරුවේ. මහින්ද පැරදුනේ ලක්‍ෂ 4 කින්. එයින් ලක්‍ෂ 2 ක් මේ පැත්තට ආව නම් මහින්ද දිනනව. මුස්ලිම් ඡුන්ද 95% කට වැඩිය ඡුන්දය පාවිච්චිකෙරුවෙ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනුවෙන්.

ජනාධිපතිවරණයට පෙර සියලූ දෙනා රාජපක්‍ෂලා හැරයද්දි ඔබ මහින්ද රාජපක්‍ෂ සමගම හිටියා.

ඔව්. මම මහින්ද රජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කෙරුව. මම ප‍්‍රතිපත්ති ගරුකව හිටියා. පක්‍ෂ, පිල් මාරුකරන්න ගියේ නැහැ. අපි උදව් කෙරුවත් එතුමාට දිනා ගන්න බැරි වුනා.

මහින්ද රාජපක්‍ෂ පරාජයෙන් පාඩමක් ඉගෙන ගෙන නෑ වගේ නේද? ඔහු තවමත් ඉන්නේ සිංහල බෞද්ධ ඡුන්ද පදනම ගැන විශ්වාසය තියාගෙන නේද?

එතුමා සිංහල බෞද්ධ ඡුන්ද පදනම මත දේශපාලනය කරනව නම් එය වැරදි දේශපාලන තීන්දුවක්. එහෙම යනව නම් එතුමාට ඉදිරි පැවැත්මක් නැහැ. එතුමාට තියෙන්නෙ ‘සිංහ ලේ’ හරි වෙනත් දේශපාලන පක්‍ෂයක් හදන්න නෙමේ. දේශපාලනය එකක්. රට එකක්. පළවෙනි රට. දෙවනුවයි දේශපාලනය.  මේ රට දියුණු තත්ත්වයකට ගේන්න එතුමාත් උදව් කළ යුතුයි. යළිත් ‘‘සිංහ ලේ’’ කියල සිංහල ජනතාව අවුස්සනව නම් යළිත් 83 ට තමයි රට ගෙනි යන්න හදන්නෙ.

මම නම් හිතන්නේ පළමුව රට. දෙවනුව තමයි දේශපාලනය. තනතුරු, පක්‍ෂය, ආසන සංවිධායක කම වගේ දේවල් ගැන හිතන්නෙ දෙවනුවයි. ‘පළමුව රට’ මම ක‍්‍රියා කරන්නේ එම ස්ථාවරයේ සිටයි. ලෝකය 83. 84  කාලෙ වගෙ නෙමෙයි දැන් වෙනස්. එතුමා බෞද්ධ ලේ, සිංහ ලේ වගේ දේවල් මත කටයුතු කරන එක එච්චර හොඳ නෑ කියලයි මම හිතන්නෙ. එතුමා ලංකාවේ ශ්‍රේෂ්ඨතම නායකයෙක්. එතුමා වගේ කාටවත් රටට සේවය කරන්න බැහැ. රටේ හැමෝම එකයි. එකට ඉදිරියට යන්න  ඕනැ කියල ස්ථාවරයකට එතුමා එන්න  ඕනැ. එතුමා එවන් ස්ථාවරයකට ආවොත් ජනතාව එතුමාටත් උදව් කරයි. ජාතිවාදය ආගම් වාදය කරපින්නාගෙන ඉන්නකම් මහින්ද රාජපක්‍ෂට අනාගතයක් නැහැ.

ඔබ හිතනවද සියලූම සිංහලයන්, බෞද්ධයන් ජාතිවාදී පිරිසක් කියල?

කොහෙත්ම නෑ. ඔවුන් ජාතිවාදයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. කීප දෙනෙක් ඉන්න පුළුවන්. බහුතරය ඒ ස්ථාවරයේ නැහැ. එහෙම නම් පසුගිය ජනාධිපතිවරණයේදී බහුතර ඡුන්දදායකයන් මහින්ද රාජපක්‍ෂට ඡුන්දය දීලා ඔහුව දිනවන්න  ඕනෙ. එහෙම දෙයක් වුනේ නැහැ. ජනතාව දැන් බුද්ධිමත්. විශේෂයෙන්ම තරුණ පරපුර ජාති, ආගම් වශයෙන් හිතන්නෙ නැහැ. ඔවුන් සමාජ ජාල බහුල වශයෙන් පාවිච්චි කරන, නවීන තාක්‍ෂණයත් එක්ක ඉන්න අය. ඔවුන් ල`ග පටු අදහස් නැහැ. දැන් පුවත්පත් කියවීම පවා අඩුවෙලා. ගොඩක් දෙනෙක් බලන්නෙ සමාජ ජාල වෙබ් අඩවි. ඒවායේ පළවන පුවත් වල ජාතිවාදය, ආගම්වාදය කියල දෙයක් නැහැ. ඔවුන් ඇත්ත ඇති සැටියෙන් දකින පිරිසක්. අද පුවත්පතක මහාචාර්ය වරයෙක් ප‍්‍රකාශ කරල තිබුණ ලංකාවේ ජනතාවගෙන් 92% ක් ‘ෆේස් බුක්’ බලනව කියල. 1956 ඡුන්ද දායකයට කතා කරපුව අද පරපුරට කතා කරල හරියන්නෙ නැහැ.

අලූත් පරපුර කියයනනෙ රට හදන්න  ඕනෙ. රට ඉදිරියට යන්න  ඕනෙ. මේ රට හදන්න පුලූවන් රටක්. අප ලෝකයේ ඉදිරියෙන් සිටින රටක් බවට ඉක්මනින් පත්විය යුතුයි කියලයි. ජාතිවාදී ආගම් වාදී පිරිස් දිනෙන් දින අඩු වෙනව. සිංහල බෞද්ධ පිරිස් විතරක් නෙමෙයි. මුස්ලිම්, ද්‍රවිඩ පිරිස් ගැන බැලූවත් එවැනි තත්ත්වයක් තමයි තියෙන්නෙ. එය එසේ වියයුතුමයි. අපි සියලූ දෙනාම ශ‍්‍රී ලාංකිකයන්. බදුධාගම හෝ ඉස්ලාම්, හින්දු, ක‍්‍රිස්තියානි හෝ තමන් කැමති ආගමක් නිදහසේ අදහන්න අයිතියක් මේ රටේ හැමෝටම තියෙනව. ඒක තමයි අවශ්‍ය.

ඔබට ලැබුනේ රාජ්‍ය අමාත්‍යදුරයක්, ඒ පිළිබඳවත් ලැබුන විෂය පිළිබඳවත් සෑහීමකට පත්වෙනවද?

ඔව් ප‍්‍රශ්නයක් නැහැ. මට උතුරු නැගෙනහිර ජනතාවට වැඩි වැඩ කොටසක් කරන්න පුලූවන් අමාත්‍යංශයක් දීල තියෙන්නෙ. මට හැකි උපරිමයෙන් අවංකව මගේ කටයුතු කරනව.
යුද්දය නිමාවීමෙන් පස්සෙ පසුගිය රජයෙන් උතුරු නැගෙනහිර විශාල සංවර්ධන වැඩ කොටසක් කෙරුව. පාරවල් හැදුව. ඉසිපිරිතාල හැදුව, ඉස්කෝල හැදුව, ගොඩනැගිලි හැදුව, විදුලිය දුන්නා. ඒත් ජනතාවගේ පුද්ගලික දුක්ගැහැට ගැන අවධානයක් යොමු කෙරුවෙ නැහැ. විශාල පවුල් සංඛ්‍යාවක් තවමත් තාවකාලික කූඩාරම්වල ජීවත් වෙනව. ටොයිලට්ස් නැතුව, වෙනත් සෞඛ්‍ය පහසුකම් නැතුව, බොන්න වතුර නැතුව ඔවුන් ජීවත් වෙනව. ඔවුන් මාස 6 කට තාවකාලිකව පදිංචි කරනවා කියලයි තාවකාලික කූඩාරම්වල පදිංචි කෙරුවෙ. දැන් අවුරුදු 8 ක් ගිහිල්ලත් ඔවුන් තවමත් තාවකාලික කූඩාරම් වල දුක් විඳිනව. නමුත් පාරවල්, ගොඩනැගිලි වගේ භෞතික සම්පත් දියුණු කරල තියෙනව. විදුලිය දුන්නට විදුලිය ගන්න ගෙවල් නැහැ.

අතිගරු ජනාධිපතිතුමාගෙත්, අගමැතිතුමාගෙත් මග පෙන්වීම අනුව උතුරු නැගෙන හිර පලාත්වල ගෙවල් 65.000 ක් හදන්න කොන්ත‍්‍රාත් දීල තියෙනව. (අපි ආදර්ශ නිවසක් යාපනේ හදල තියෙනව* එක නිවසක වටිනාකම රුපියල් ලක්‍ෂ 15 ක් පමණ වෙනව. වර්ග අඩි 150 ක ප‍්‍රමාණකයි නිවස ඉදිවෙන්නෙ. මේ ව්‍යාපෘතියෙන් අවතැන් ජනතාවකගෙන් භාගයක ප‍්‍රශ්නය එයින් විසඳෙනව. ඊළ`ග පියවරේදී සියලූ දෙනාගෙම ප‍්‍රශ්න විසඳනව. සම්පූර්ණ නිවාස එක් ලක්‍ෂ තිස් දාහක් (1300000* අවශ්‍යයි. අපි මේ වන විට භාගයකට වැඩි ප‍්‍රමාණයක වැඩ ආරම්භ කරල තියෙනව. අපි නිවාසයක් දීමෙන් නතර වෙන්නෙ නැහැ. ඔවුන්ගේ ආර්ථිකය දියුණු කිරීමට ස්වයං රැුකියා කිරීමට අවස්ථාව සලසා දීමට බලාපොරොත්තු වෙනව. ගරු අමාත්‍ය ස්වාමිනාදන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අපේ අමාත්‍යාංශයෙන් මේ කටයුතු කරගෙන යනව. පවුලේ ආර්ථිකය ශක්තිමත් කරල, ගමේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කයුතු කරනව.

නැවත පදිංචි කරිමේ වැඩ පිළිවෙල ක‍්‍රියාත්මක කිරීමේ දී ප‍්‍රමුඛත්වය ලැබෙන්නේ ද්‍රවිඩ ජනතාවට කියල, රාවයක් තියෙනව.  මුස්ලිම් ජනතාවට අඩු සැලකිල්ලකුත්, සිංහල ජනතාවට ඊටත් වඩා අඩු සැලකිල්ලක් ලැබෙන බව කියනව.

උතුරු නැගෙනහිර ප‍්‍රදේශයෙ පදිංචිවෙලා ඉන්න පිරිසගෙ ප‍්‍රශ්න විතරයි අපේ අමාත්‍යාංශ්‍යට විෂය වෙන්නෙ. ඔවුන් යුද්ධ සමයේ වෙනත් ප‍්‍රදේශවලට ගිහින් ආපසු ඇවිත් නැතැනම් අපේ වැඩ පිළිවෙලේ ඔවුන් නැතිවෙන්න පුලූවන්. සමහර මුස්ලිම් පවුල් පුත්තලම ප‍්‍රදේශයේ තවමත් පදිංචිවෙලා ඉන්නව. අනුරාධපුර ප‍්‍රදේශයෙත් ඉන්නව. ඔවුන් පුත්තලමෙ හරි වෙන කොහෙහරි ඉඳලා ගෙවල් ඉල්ලනවා නම් අපිට ගෙවල් දෙන්න බැහැ. ඔවුන් ගිහින් තමන් පදිංචි වෙලා හිටිය ගමේ ඉන්නවා නම්, අපිට ඒ අය ගැන බලන්න පුළුවන්. ඔවුන් පදිංචිවෙලා හිටිය ගමේ ප‍්‍රශ්න තියෙනව නම් අපි ඔවුන්ට රජයේ ඉඩමක් ප‍්‍රදේශීය ලේකම් හරහා දෙනවා පදිංචියට. ඔවුන්ට එතන ඉඳලා තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලන්න පුළුවන්.
ඔවුන් හිටපු ඉඩම්වල ප‍්‍රශ්න තියෙනව. සමහර ඉඩම්වලට යන්න බැහැ කැලෑ වැවිල. සමහර ඉඩම් වෙන වෙන කට්ටිය අල්ලගෙන. ඔවුන් ඒ ඉඩම් වලින් අයින් කරන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. නමුත් අපි බලන්නෙ නැවත පදිංචිවෙලා ඉන්න ජනතාවගෙ ප‍්‍රශ්න පිළිබඳවයි.

ඔවුන්ට තමන්ගේ භූමිය නැවත ඔවුන්ට ලබා දෙන්න බැරිද?

ඔවුන් 1990 දි තමන්ගෙ ගමෙන් පිටවෙලා ආව නම්, මේ වන විට එම ඉඩම් වල ද්‍රවිඩ හෝ වෙනත් කණ්ඩායම් පදිංචිවෙලා අවුරුදු 25 ක් වෙනව. දැන් ඔවුන් එම ඉඩම්වලින් පන්නන්න බැහැ. යුද හමුදාව සතුව තියෙන්න අවශ්‍ය නැති භූමි අපි නැවත අරගෙන, ඒවා අයිති අයට ලබා දෙනවා. සිංහල ජනතාවත් ආපසු ගමට ගියා නම්,  ඔවුන් ගම්වලට ගිහින් තමන්ගෙ අනන්‍යතාවය තහවුරු කරන්න පුලූවන්නම්  අපේ අමාත්‍යාංශයෙන් ලැබිය යුතු සියලූ දේවල් ලබා දෙනව. ආපසු පංදිචි වෙන්නෙ නැතුව අපිට මොකුත් කරන්න පුලූවන් කමක් නැහැ. සමහරු දෙන දේවල බලාගෙනම අවතැන් වූවන් වගේ පෙනී සිටින්න උත්සාහ කරනවා නම්, එයට ඉඩක් ලැබෙනනෙ නැහැ.

සිංහල ජනතාව 500 ක් විතර ප‍්‍රමාණයක් ඔයාමඩු වගේ ප‍්‍රදේශවලට ඇවිත් ගෙවල් හදාගන්නද කියල ඇහුවාම ද්‍රවිඩ මන්ත‍්‍රීවරු විරුද්ධ වෙනව. ඔවුන් කියනව මුල් ගමක් නැතිව නිකම්ම ඇවිත් පදිංචි වෙන්න හදනව කියල. ඔවුන් නීත්‍යානුකූලව පදිංචි කෙරුව නම් ගැටළුවක් ඇති වෙන්නෙ නැහැ. අලූතෙන්ම ආව නම් ගැටලූ ඇති වෙනව. අපි සාකච්ඡුා කරල ඇත්ත තත්ත්වය දැනගෙන අපිට කරන්න හැකි උපරිම උදව් කරනව.

දේශපාලන පක්‍ෂයක් වශයෙන් දිගටම රැුඳී සිටින්න බලාපොරොත්තුවෙන පක්‍ෂය කුමක්ද?

මම අතිගරු ජනාධිපතිතුමා සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රැුඳී සිටිනවා. මම මඩකලපුව දිස්ත‍්‍රික් සංවිධායකවරයෙක් වශයෙන්් කටයුතු කරනව.

අද තියෙන්නෙ හයිබි‍්‍රඞ් ආණ්ඩුවක්. පක්‍ෂ දෙකක් එකතු කරපු රජයකට ගොඩක් දුර යන්න බැරිවෙයි කියල සමහරු අනාවැකි කියනව.

මම කියන්නෙ ගොඩක් දුර යන්න පුළුවන් කියලයි. රටට ලොකු දියුණුවක් ගේන්න පුළුවන්. එහෙම පක්‍ෂ දෙකක් එකට වැඩ කරන්න බෑ කියල කියනවා නම් ඒ අය දේශපාලන වශයෙන් තමයි කතා කරන්නෙ.
යූ.එන්.පී. එකට තනිවම ආණ්ඩුවක් කරන්න බැහැ. තනිවම යූ.එන්.පී. ආණ්ඩුවක් නම්, ශක්තිමත් නැති ආණ්ඩුවක්. එහෙම නම් කිසිම ආයෝජකයෙක් ලංකාවට එන්නෙ නැහැ. යූ.එන්.පී. එක ටී.එන්.ඒ. අරන් ආණ්ඩුකෙරුවත් ආයෝජකයන් එන්නෙ නැහැ. ස්ථාවර ආණ්ඩුවක් නැත්නම් කිසිම ආයෝජකයෙක් එන්නෙ නැහැ. වර්ල්ඞ් බෑන්ක් ඇතුළු කවුරුවත් කිසිම ණයක් දෙන්නෙ නැහැ.  ඕන කෙනෙක් ණයක් දෙන්න ඉස්සර බලන්නෙ ස්ථාවර ආණ්ඩුවක්ද කියල. දැන් තියෙන්නේ හොඳම ස්ථාවර ආණ්ඩුවක්. ඒක ඇතිවෙලා තියෙන්නෙ ලංකාවෙ ප‍්‍රධාන පක්‍ෂ දෙකම එකතුවෙලා තියෙන නිසයි. ඒක ඓතිහාසික තත්ත්වයක්. ඒකෙන් උපරීම ප‍්‍රයෝජනයක් රටට ගේන්නයි උත්සහ කරන්න  ඕනෙ.

ප‍්‍රතිපත්ති වශයෙන් වෙනස්කම් තියනව. එ.ජා.ප. ය දක්‍ෂිනාංශික ප‍්‍රතිපත්ති අනුගමනය කරන පක්‍ෂයක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වාමාංශක අදහස් දරන පක්‍ෂයක්. මේ වගේ ප‍්‍රතිපත්තිමය ප‍්‍රශ්න තියෙනව. ඒ ප‍්‍රශ්න සාකච්ඡුා මාර්ගයෙන් විසඳගෙන යන්න  ඕනෙ. ව්‍යවස්ථාව වෙනස් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න තිබුණ. අගමැතිතුමාගෙ ප‍්‍රතිපත්ති කැබිනට් එකට ඉදිරිපත් කෙරුව. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ධ වුනා. එතුමා කිව්වා යෝජනා ඉදිරිපත් කරන්න කියල. අපි යෝජනා නමයක් ඉදිරිපත් කෙරුව. එතුමා ඒ යෝජනා පිළිගත්ත.

රට වෙනුවෙන් කතා කරනව නම්,  ඕන දෙයක් කතා කරල විසඳගන්න පුළුවන්. දේශපාලන වශයෙන් කතා කරනව නම්. එක පැත්තකට අවාසිවෙයි. දැන් අපි බලන්න  ඕනෙ රට කොහොම හරි දියුණු කරන්න.  රට ඉදිරියට ගෙනියන්න. ඒක නිසා මම හිතන්නෙ නැහැ, පක්‍ෂ දෙකක් එකතුවුනා කියල වාසියක් මිසක් අවාසියක් ඇතිවෙයි කියල.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *