ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.9 කින් අඩුවෙයි : වසර 4 කින් පසු අඩු ම අගයක

 

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය පසුගිය මාස තුනක දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,880.70 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා මගින් හෙළිදරව් වී ඇත . මෙය සියයට 25.31 ක් පහත වැටීමක් ලෙස ගණන් බලා තිබේ.

නොවැම්බර් අවසානයේ දී , ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය සටහන් වුයේ ඩොලර් මිලියන 5,549.30 ක් වශයෙනි. එය 2017 අප්‍රේල් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 5,045.52 න්  පසු වාර්තා වූ අඩුම අගය යි.

නොවැම්බර් මාසයේ දී විදේශ සංචිතවල ඩොලර් මිලියන 306.40 ක් පිරිහීමක් පෙන්නුම් කොට ඇත . එක මසක දී සිදු වී ඇති එම පසුබැස්ම සියයට 5.23 ක් ලෙස ගණන් බලා ඇත.

මේ අතර භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් වෙළෙඳපොලේ ද  විදේශ ආයෝජනවල රුපියල් මිලියන 990.35 ක පසු බැස්මක් පෙන්නුම් කර  තිබේ. එය සියයට 11.55 ක පසු බැස්මකි.

2006 දී බැඳුම්කර වෙළෙඳපොල විදේශ ආයෝජකයින්ට විවෘත කිරීමන් පසුව අවම අගයකට ආයෝජන පහත වැටීම මේ වනවිට වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *