පාදෙණිය නාථ දේවමණ්ඩල සාමාජිකයෙක් – ආචාර්ය නලින් ද සිල්වා

වෛද්‍ය වෘත්තිකයන්ගේ විශාලතම වෘත්තීය සමිතිය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සභාපති ලෙස වසර ගණනාවක් කටයුතු කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා “නාථ දේව මණ්ඩලයේ” සාමාජිකයෙක් බව ආචාර්ය නලින් ද සිල්වා පවසයි. නාථ දේව මණ්ඩලයේ සාමාජිකා ප්‍රියන්තා සේනානායක මහත්මිය ගේ අභාවය නිමිත්තෙන් face book සටහනක් තබමින් ඔහු මේ බව අනාවරණය කර ඇත.

රජරට වකුගඩු රෝගයට හේතු වන ජලයේ ආසනික් සොයාගැනීම හා කොරෝනා වසංගතය සඳහා දුං හට්ටිය ඇල්ලීම නාථ දේව මණ්ඩලයේ උපදෙස් පරිදි සිදු වූ බව ඔහු වැඩිදුරටත් හෙලිදරවුකර සිටියි.

කෙසේ වෙතත් මෙම මණ්ඩලයේ අනෙක් සාමාජිකයන් පිළිබඳව ආචාර්ය නලින් ද සිල්වා හෙළි කර නොමැත.

LANKATRUTH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *