මහ බැංකු බැදුම්කර ගනුදෙනුවේ විශාල පාඩුවක කතාව බොරුවක් – වෙරිටේ රෙසර්ච් අධ්‍යයනයකින් කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ තිස් අවුරුදු බැදුම්කර ගනුදෙනුව මගින් රජයට අති විශාල අලාභයක් සිදුවී ඇතැයි පලවන වාර්තා සත්‍යයෙන් තොර බව පිළිගත් පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ රෙසර්ච් නිකුත් කළ අධ්‍යයනයක සදහන් වෙයි . එයින් කියන්නේ මෙහි අලාභය වැරදි ලෙස ගණන් හදා අතිශයෝක්තියට නංවා එදිරිපත් කොට ඇති බවයි .

රටේ ඇත්තටම තිබෙන පොලී අනුපාත වෙනුවට අනුමාන කළ වියාජ පොලී අනුපාත යොදා ගැනීමත් ,වසර තිහකින් කරන ගෙවීම් වල වටිනාකම කාලයේදී සිදුවන අවප්‍රමානවීම් නොසලකා අද මුදල් වටිනාකමට එකතු කිරීමත් නිසා මෙම වරද සිදුවී ඇති බව වෙරිටේ රෙසර්ච් ආයතනය කියයි . බිලියන 8.7 ක් යැයි කියන පාඩුවෙන් බිලියන 5.7 ක් වැරදි ගණන් බැලීම නිසාද බිලියන 2.1 ක් වැරදි අනුමාන පොලී යොදාගැනීම නිසාද සිදුවන බව වෙරිටේ රෙසර්ච් ආයතනය කියයි .ඔවුන් කියන පරිදි ඇත්ත අලාබය බිලියන දසම නවයකි . එමෙන්ම රජයේ ආයතනවලින් ණය ගැනීමත් පොලී වැඩිවීම මගින් වෙනත් ආකාරයේ තුලනයවීම් සිදුවීමත් නිසා මෙම පොලී ඉහළයාම අලාභයක් ලෙස හැදින්වීමද වැරදි බව වෙරිටේ රෙසර්ච් අදහසයි .

කෙසේ වෙතත් , බැදුම්කර නිකුතුවේ ප්‍රමාණය එකවර දස ගුණයකින් ඉහල දැමීම වැරදි බවත් , එමගින් විශාලම හානිය වන්නේ මහ බැංකුව කෙරෙහි වන විශ්වාසයට බවත් වෙරිටේ රෙසර්ච් වාර්තාවේ පෙන්වා දී ඇත .

(වෙරිටේ රිසර්ච් සම්පුර්ණ වාර්තාව බලාපොරොත්තු වන්න )

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *