ආයෝජකයින් ගෙන්වාගන්න ජාත්‍යන්තර ගිවිසුම් ඕනෑ – මහාචාර්ය රොහාන් සමරජීව
යුද්ධයෙන් පසු අප බලාපොරොත්තු වූ නමුත් පසුගිය අවුරුදු ගණනාවේ දීම අපිට විදේශ ආයෝජන නොලැබුණේ කාගේ වරදක් නිසා ද ? ඒක අපේ පාලනය යටතේ තිබෙන ප්‍රශ්නයකි. අපේ නෛතික නිශ්චිතතාවයේ ප්‍රමාණවත් බවක් නොමැත. අවිනිශ්චිත බව වැඩි ය. උදාහරණයක් ලෙස විදේශිකයෙක් මෙහෙ ඇවිත් ආයෝජනය කරනවිට අවුරුදු 99, අවුරුදු 25 කල්බදු ක්‍රමයට ඉඩම් ගැනීමට පුළුවන. කලින් නොතිබුණු කොන්දේසියක් වූ මේ මුලු බදු මුදලම කාර්යය පටන් ගන්නා මොහොතේම ගෙවිය යුතු බව ට නීතියක් ආවේ ය. කල්පනා කර බැලුවොත් සාමාන්‍ය පුරවැසියෙකුගේ පැත්තෙන් වූවත්, ඒක ටිකක් අසාධාරණ කොන්දේසියකි. පලවෙනි කාරණය, වසර 100කට බද්ද පළවෙනි වසරේම ගෙවන්නට කියන්නේ ඇයි? වසර 100ක් යනු මගේ ජීවිත කාලයටත් එයා කාල පරාසයකි. එතන පොඩි ප්‍රශ්නයක් තිබේ. දෙවැනි කාරණය මම මේ බිස්නස් එක වසර 100ක් කරයි ද? යන්න මට විශ්වාසයක් නැත. මම ඉන්නේ විදේශ රටක ය. අවිනිශ්චිත වාතාවරණයක ය. ව්‍යාපාරයක් යනු සමහර විට සාර්ථක විය හැක. සමහර විට අසාර්ථක විය හැක. ඒ අසාර්ථක වීමේ අවදානම නිසා තමයි ව්‍යාපාරිකයන්ට ලාභ හම්බකරගන්නට දෙන්නේ. මක්නිසා ද යත් ඒ අය ඒ අවදානමත් සමග ජීවත්වෙන නිසාවෙනි. එයාට අවදානම තිබෙනවා නම් ඇයි අපි එයාට අදාල සියලුම වසරවලට එකවැර ගෙවන්නට කියන්නේ. ඒක ටිකක් අසාධාරණ ලෙසයි මට පෙනෙන්නේ.
ඊළගට අපි අහනවා ප්‍රශ්නයක් මේ කොන්දේසිය අලුතෙන් එන අයට පමණ ද දැම්මේ යන්න. නෑ, මේ කොන්දේසිය දැම්මේ දැනට සිටින සියල්ලන්ටම ය. අන්න එතනදී තමයි ඊ ළග ප්‍රශ්නය එන්නේ. මම රටකට එනවිට මම එන්නේ සල්ලි වියදම් කරලා නීතිඥයින් මාර්ගයෙන් ඒ රටේ නීතිය හදාරලා. ඒ පාර්ලිමේන්තු පනත් අරගෙන ඒක මත තමයි නිගමනයක් ගන්නේ. ඒ නිගමනය ගන්නවිට ඒ අය මට කියන්නේ මට බදු මුදල් ගෙවන්නට වෙනවා මෙන්ම ආණ්ඩුවට බද්දක්ද ගෙවන්නට වෙන බව ය. නමුත් මා ආයෝජනය කළ පසු හිටි හැටියේ කියනවා මේක එකපාරට ගෙවන්නට අවශ්‍ය බව. එසේ වන්නේ මා පැමිණ ආයෝජන කළ පසු නීතිය වෙනස්වීම නිසා ය. ඒක ආයෝජකයෙකුට ඉතා අසතුටුදායක දෙයකි. අපි අපේ පැත්තෙන් මෙසේ කල්පනා කරමු. අපි ගෙයක් කුලියට ගතහොත්, අපි යනකොට යම් යම් කොන්දේසි තිබෙන්නට පුළුවන. උදාහරණයක් ලෙස ගෙදර කුලියට ගන්නවිට එහි තිබුණු බඩු භාණ්ඩ පවත්වාගෙන යෑම ගෙදර හිමියාගේ අයිතිය ලෙසට. හිටපු හැටියේ මාස තුනකට පසු එයා කොන්දේසි ඒක පාර්ශිකව වෙනස් කරන්නේ නම් ඒකට මා කැමති වෙන්නේ නැත. එතකොට මට කියන්නට වෙනවා මේ ගෙදරට මම ආවේ ඔය කොන්දේසි මත නොවන බව. මම ආවේ මගේ ආදායම අනුව යම්කිසි ගණන් ගැනීමක් අනුව ය. මේ ආකාරයට ගිවිසුම් වෙනස් කිරීමේ දි මගේ සැලසුම අවුලට යනබව අමුතුවෙන් කිවයුතු නොවේ. උදාහරණයක් ලෙස මම ළමයින් පාසැල් යවාගෙන සියලුම දේවල් කරගත්තාට පසු ඒ ගෙදර කුලියටගත් අයට එකවර ගෙදර වෙනස් කරන්නට ද නොහැක. ඒ නිසා මෙසේ කළ එක අසාධාරණ බව ඕනෑම අයෙකු කියනු ඇත. ආණ්ඩුව ඒකපාර්ශවිකව නිති වෙනස් කළ විට සිදුවෙන්නේ ද එවැනි දෙයකි.
ඒකට විසඳුමක් ලෙස තමයි බී. ඕ. අයි එකත් සමග ගිවිසුමක් අත්සන් කරන්නේ. ඒ අය සමග ගිවිසුමක් අත්සන් කරනවා, අපි එනවිට තිබුණ කොන්දේසි වෙනස් නොකරන බවට. නමුත් අර පාර්ලිමේන්තුවේ නීති වෙනස් කරනවිට එය මේ ගිවිසුම්වලට බලපානු ඇත. නමුත් ජාත්‍යාන්තර ගිවිසුමක් තිබෙන්නේ නම් ඒ අයට කියන්නට පුළුවන් ඒක නිශේධ වන්නේ නැති බව. ඒ නිසා තමයි ඒ අය කැමති ඔය ජාත්‍යාන්තර ගිවිසුම් වලට. විශේෂයෙන්ම ආයෝජන ගිවිසුම්, උදාහරණ ලෙස ඔය කථාකරන ගිවිසුම්වල හැම එකේම ආයෝජන ගැන විධිවිධාන තිබේ. ඒ අයෝජන ගිවිසුම් වල එවැනි ආරක්ෂාවන් ඇතුල්කර ඇත. ඒ ගිවිසුම් ඒකපාර්ශවීය ලෙස වෙනස්කරන්නට නොහැක. එතකොට කෙනෙකුට කියන්නට පුළුවන් මේක පුදුම වැඩක්, අපේ ස්වෛරී බව නැතිවෙනවා කියලා. නමුත් මම කියන්නේ ඒක දෙපැත්තටම කැපෙන දෙයකි. වෙනත් රටවල අපේ ආයෝජකයින්ටත් අසාධාරණයක් වෙන්නට මේකෙන් තිබෙන ඉඩ අඩු ය. දෙවැනි එක පුද්ගලයෙක් තමන් යම් පොරොන්දුවක් දුන් පසු ඒ පොරොන්දුව අතරමැද වෙනස් නොකර කරන එක මම හිතන්නේ එතරම් නරක දෙයක් නොවේ. ඒක මනුෂ්‍ය ධර්මය අනුව හොඳ දෙයකි. ඒ නිසා ඒක ගිවිසුමට දැමීමෙන් විශාල හානියක් වෙන්නේ නැත. මක් නිසාද යත් අපිට මුලදීම අපේ කොන්දේසි මොනවාද යන්න කිවහැක. එතකොට ඒකට අකැමැති නම් ආයෝජකයින්ට ආයෝජනය කරනවා ද නැත්ද යන්න තීරනය කළ හැක.
ලංකාවට පසුගිය කාලයේ ආයෝජකයින් ආවේ ඔය කොළඹ තට්ටු නිවාස හදන්න වැනි දේවලට ය. එහෙම නැතිව අපනයන කටයුතු කරන්නට, හෝ දිර්ගකාලීනව කෘෂිකර්මාන්තයේ යෙදවීම් කරන්නට ඒ අය පැමිණියේ නැත. එතනදි අපි අහනවා මෙතෙක් කල් මුදල් ණයට අරන් පාරවල් හා නොයෙකුත් දේ හදලා නම් මේ වර්ධන වේගය පවත්වාගත්තේ, මේක හැමදැම කළහැකි වැඩක් නොවේ. ඒ නිසා පුද්ගලික ආයෝජන ගෙනෙන්නේ නම් අපිට ඒ සහනය දෙන්නට සිදු වේ. ඒ දෙන්නට තියෙන හොද ක්‍රමයක් තමයි මේ ගිවිසුම්. එතනදි තමයි ඔය ගිවිසුම් ගැන කට්ටිය වරද්දා ගන්නේ.
ගිවිසුමක් යන්න පරිස්සමෙන් සකස්කළ යුතු එකකි. ඒක සාවද්‍යව හදන්නට නොහැකි බව මා කියන්නේ නැත. ඒක කරනවිට වැරදි වෙන්නට ඉඩ තිබෙනවා. රටට හානි වෙන්නට පුලුවන්. ඒවා හරියට කළේ නැත්නම් එසේ විය හැක. හරියට කරනවා නම් එයින් රටට හානියක් නොව සෙතක්වන බව කිව හැක. මේ ගිවිසුම් සකස් කරන ආකාරය ගැන ඊ ළග ලිපියෙන් සාකච්ඡා කරමු.