පෑලියගොඩ වෙළඳ සංකීර්ණය ඉඩ මදි බව හා මිල වැඩි බව කියමින් මැනිං වෙළෙඳ සැලේ වෙළෙන්දෝ ජනපති කාර්යාලය ඉදිරිපිට විරෝධතායවක

කොළඹ මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළෙන්දෝ ද 07 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.කොළඹ මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළදුන්ට  පෑලියගොඩ නව වෙළඳ සංකීර්ණයේ වෙළඳසල් ලබා දෙන බව කියමින් ඔවුන් මහත් දුෂ්කරතාවට ඇද දමා ඇති බව පවසමින් එම වෙළෙඳුන් මෙම විරෝධතාවයේ නිරත වූහ.

මෙම විරෝධතාවට සහභාගී වු වෙළඳුන් පවසන්නේ මැනිං වෙළඳපොළේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ නොදී පෑලියගොඩ වෙළඳ සංකීර්ණයට ගෙන යන බව පැවසූ බවත් මැනිං වෙළඳපොළේ අඩි 10 කාමරවල දීර්ඝ කාලයක් වෙළඳ කටයුතු කළ වෙළඳුන්ට ආණ්ඩුව පොරොන්දු වී තිබුණේ අඩි 12 වෙළඳ කාමර ලබා බව යයි ඔවුහු පවසති. ඔවුන් කියන්නේ ලබා දී ඇති කඩ කාමරවල ඉඩකඩ කිසිසේත් ප්‍රමාණවත් නැති බව යි. එය ද ලබා දී ඇත්තේ සුළු පිරිසකට පමණක් බව ඔවුහු කියති.

මැනිං වෙළඳපොළේ දිගු කාලයක් වෙළඳාම් කළ 2500 ක් පමණ වන වෙළඳුන් අතරින් දැනට පෑලියගොඩ කඩ කාමර ලබා දී ඇත්තේ 300කට පමණක් බවත් අනෙක් වෙළඳුන්ට දෙසැම්බර් 07 වන දින කඩකාමර ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා ඇති නමුත් ඔවුන්ට පනවා ඇති කොන්දේසි නිසා ඔවුන් අසරණ වී ඇති බවත් විරෝධතාකරුවන් පවසයි.

තවද මැනිං වෙළඳපොළේ වෙළඳුන් මාසිකව නගර සභාවට ගෙවූ රු. 1250ක මුදල වෙනුවට පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේදී රු. 11,500ක් ගෙවීමට නියමකර කර ඇති බවත් එම වෙළඳසල් වෙනුවෙන් රුපියල් ලක්ෂ 2ක අත්තිකාරම් මුදලක් ගෙවීමට සිදුවන බවද දන්වා ඇත.

සම්පූර්ණ වෙළඳ කාමරයක් ලබගැනීමට නම් රු ලක්ෂ 5ක අත්තිකාරම් මුදලක් තැන්පත්කර මාසික කුලිය රුත 25,000ක් ගෙවිය යුතු බවත් මැනිං වෙළඳ සංකීර්ණයේ ක්‍රියාකාරී වූ තොග හා සිල්ලර වෙළඳුන්ට හිමිව තිබුණු කාමර 2500ක් වෙනුවට පෑලියගොඩ වෙළඳපොළේ කාමර 1292ක් පමණක් බව ඔවුහු පවසති.

CNH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *