අදත් කොවිඩ් 19 මරණ තුනක් ; තුන ම හෝමාගමින් ; මුළු මරණ ගණන 140 ක් වෙයි.

තවත් කොවිඩ් – 19 ආසාදිත මරණ 03ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇතැයි  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද දිනයේ වාර්තා වූ මරණ තුන ම සිදු වී ඇත්තේ හෝමාගම මුලික රෝහලේ දී ය. ඉන් දෙකක් ඊයේ සිදුවී ඇති අතර අද එකක් සිදු වී තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 140 දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *