අලුත් කොවිඩ් පොකුර 25,000 ට කිට්ටු වෙයි ; අදත් ආසාදිතයින් 648ක්

 

මිනුවන්ගොඩින් පටන්ගෙන පැලියගොඩ , පොලිස් සහ බන්ධනාගාර පොකුරු ලෙස වර්ධනය වූ වත්මන් කොවිඩ් පොකුර අද සවස් වනවිට 24,322 ක් දක්වා ඉහළ ගියේ ය.

ඒ අද එකතු වූ රෝගීන් 648 ත් සමග ය.

අද දවසේ අවස්ථා දෙකක දී 362 ක් හා 286 ක් ලෙස මෙම 648 ක සංඛ්‍යාව වාර්තා වීය.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියන්නේ අද හමු වූ සියලු දෙනා පැලියගොඩ සහ බන්ධනාගාර පොකුරු සමග සම්බන්ධ බව යි.

බන්ධනාගාර පොකුරෙන් අද හමුවූ සංඛ්‍යාව 197 කි.

මේ වනවිට මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 28,872 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *