තවත් කොවිඩ් මරණ හතක් ; දැන් එකතුව 137 යි ; තිදෙනකු නිවෙස්වල දී මියගිහින්

අද තවත් කොවිඩ් මරණ හතක වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර වාර්තා කළේ ය.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ ගණන 137 කි .

මෙයින් තිදෙනකු මියගොස් ඇත්තේ නිවෙස්වල යි.  තවත් දෙදෙනකු බන්ධනාගාර රෝහලේ දී මියගොස් ඇති අතර දෙදෙනකු මියගොස් ඇත්තේ අයි ඩී එච් රෝහලේ දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *