අදත් කොවිඩ් ආසාදිතයින් 669ක් ; පොකුර 23,674 යි ; සමස්තය 27,224 යි

අදත් කොවිඩ් 19 ආසාදිතයින් 669 ක් වාර්තා වූ බව හමුදාපති ලුතිනන ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි .

501 ක් සහ 168 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වී ය.

මුලින් වාර්තා වූ 501 අතරින් 319 ක් පෑලියගොඩ පොකුරින් සහ 182 ක් බන්ධනාගාර පොකුරෙන් බව පළමු නිවේදනයේ සඳහන් වී ය.

දෙවනුව හඳුනාගත් 168 දෙනා ද පැලියගොඩ පොකුරට සම්බන්ධ බව නිවේදනය කොට ඇත.

මේ අනුව මාස දෙකකට පෙර සිට වාර්තා වන්නට පටන්ගත් වර්තමාන රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 23,674 ක් දක්වා ඉහළගොස් ඇත.

මෙරටින් මෙතෙක් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 27,224 ක් ලෙස ගණන් බලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *