වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඊයේ රාත්‍රියේ සිට වසා දමයි..

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඊයේ රාත්‍රියේ සිට වසා දමා ඇත.

එම මධ්‍යස්ථානයේ සේවකයන් සහ ආශ්‍රිතයන් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ එම ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් හා සෙසු සේවකයන්ට කෙරෙන  කොරෝනා පරීක්ෂණ අද දිනයේ සිදු කරමින් පවතී.

නැවත එම මධ්‍යස්ථානය විවෘත කිරීම ගැන තීන්දුව ගනු ලබන්නේ මෙම කොරෝනා පරීක්ෂණවල ප්‍රතිඵල ලැබුණු පසු සෞඛ්‍ය උපදෙස් මත බවද දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *