මහර ගැටුමින් 11 මරුට ; 117 කට තුවාල

මහර බන්ධනාගාරයේ ඊයේ ඇති වූ ගැටුමින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 11 දක්වා ඉහළ ගොස් ඇති බව රජය නිවේදනය කරයි.

තුවල ලබා  රෝහල් ගත කර ඇති සංඛ්‍යාව 117 කි. බන්ධමාගර නිලධාරීන් දෙදෙනකුද ඒ අතර වන බව වාර්තා වෙයි.

තුවාල ලැබුවන් අතර තවත් 15 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතළ බව කියති . එක්  බන්ධනාගාර නිලධාරියකු ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

බන්ධනාගාරයේ ගොඩනැගිලි ගණනාවකට ගිනි තබා ඇත. රැඳවියන්ගේ දත්ත ඇතුළත් ලිපිගොනු රාශියක් ද ගිනිබත් වී ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *