අදත් කොවිඩ් ආසාදිතයන් 496 ක් ; පොකුර 20,441 යි ; සමස්තය 23,974 යි

කොවිඩ් 19 ආසාදිතයින් 496ක් අද දිනයේ ද වාර්තා වී ඇත.

178 ක් සහ 318 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වී ය.

මේ අනුව වත්මන් කොවිඩ් පොකුර 20,441 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාව තුළ  මෙතෙක් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 23,974 කි.

මේ අතර වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ රෝගීන්ගෙන් හමුවන වෛරසයේ දුර්වලවීමක් දක්නට ලැබෙන බව යි. රෝගය පැතිරීම පාලනය වීමක් ගැන ඒ මහතා විශ්වාසය පල කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *