වෙළඳ හා සේවා ගිවිසුම් අවශ්‍ය වන්නේ ඇයි ?-මහාචාර්ය රොහාන් සමරජීව

rohan samarajivaසාමාන්‍ය ජනයා පරිහරණය කරන යතුරු පැදියේ පටන් ධනවතාගේ මිල අධික වාහනය දක්වා වන වාහන සියල්ල ගෙනත් තිබෙන්නේ වෙනත් රටවලිනි. ඒවාට අවශ්‍ය අමතර කොටස් ගෙනෙන්නේ ද පිටරටිනි. මේවාට දාන ඉන්ධන ගෙනෙන්නේ ද පිටරට වලිනි. මේ ආකාරයට යම් යම් දේවල් අපි ආනයනය කරනවා නම් අපි යම් යම් දේවල් අපනයනය කළ යුතු බව විවාදයට භාජනය වියයුතු කරුණක් නොවේ. ඒක සාමාන්‍ය දැනුමකි.
එතකොට අපි අහලා තියෙන දෙයක් තමයි ලංකාවේ වෙළඳ අනුපාතය යනුවෙන් යම් දෙයක් ගැන කථා කිරීම. වෙළඳ අනුපාතය කියන්නේ රටක ආනයන ප්‍රමාණය හා අපනයන ප්‍රමාණය ගෙන ඒ දෙක එකතු කර ඒක දළජාතික නිෂ්පාදනයෙන් බෙදනු ලැභිමෙන් ගන්නා අගයට ය. වියට්නාමය කියන්නේ අපිට වඩා දුප්පත් වගේම යුද්ධයකින් විනාශ වී හිස ඔසවන රටකි. ඒ අයගේ වෙළඳ අනුපාතය සියයට සියයකටත් වඩා වැඩි ය. ඒකෙන් තේරෙනවා ඒ අය අපනයනය කරනවා වගේම ආනයනයත් කරන බව. අපි ආනයනය කරන්නේ සමහර විට අපේ පරිභෝජනයට ය. නමුත් අපනයන කටයුතු වලට ද ආනයන අවශ්‍ය ය. ගතානුගතික හණමිටි චින්තනය තමයි ආනයනය හොඳ නෑ අපනයනය හොඳයි පැවසීම. මේක ගණන්ගත යුතු නැති චින්තනයකි. අපනයනය කරන්න කරන්න තවතවත් ආනයනයක් ඒකට අවශ්‍ය වේ. ඒකට අගය එකතු කිරීම තමයි සාර්ථක වෙන්නේ. ඒ අගය එකතු කිරීම සහ ඒ රටේ ඵලදායිතාවය ලැබීම තමයි මුලික අරමුණ වියයුත්තේ.
මෙතනින් අපි ගන්න එක දෙයක් තමයි මේ නවීන සමාජයේ උතුරු කොරියාව වගේ ජීවත් වන්නට අදහසක් නැතිනම්, සාමාන්‍ය මිනිසුන් වගේ ජීවත් වන්නට උත්සාහ දරන්නේ නම් අපි අනිවාර්යයෙන් අපනයන කළයුතුම ය. 2002 මා මේදෙස බලන විට අපේ ඔය වෙළඳ අනුපාතය 75%ක පමණ තිබුණි. දැන් ඒක 53%ට අඩු වී ඇත. අර ගෝලීය ආර්ථිකයට අපේ ඇති සම්බන්ධය එයින් අනාවරණය වේ. ඊට අමතරව අපේ අපනයන ප්‍රතිශතය සිග්‍රයෙන් අඩුවී ඇති බව අපගේ දත්ත වලින් පැහැදිළි වේ. දැන් එය දළජාතික නිෂ්පාදනයට අනුව සියයට දහයකට වැනි ගණනකට පහත වැටී ඇති බව කියැවේ. අපේ වෙළඳ අනුපාතය එසේ අඩුවී තිබෙන්නේ නමුත් ආනයන අඩු වී නැති අතර අපනයන නම් අඩු වී ඇත. ඒ දෙස බැලීමේ දී අපි ඉන්න තැනින් එළියට එන්නට සහ රුපියලේ අගය තවත් පහළට වැටෙන්නට යනඑක වලක්වන එකට ඇති විසඳුම ලෙස අපනයන සංවර්ධනය කළ යුතුම ය. ඒක තමයි අපේ රටට ඇති ප්‍රධානම අභියෝගය.
අපනයන සංවර්ධනය කරන්නේ යැයි පැවසූ කළ මේ පොළව හූරා එහි ඇති සම්පත් යවන රටවල් ද තිබේ. එසේ පටවන්නට අපිට ඇති දෙයක් ද නැති අතර තිබුණත් ඒවා ප්‍රමාණයට වඩා හෑරීම පරිසරයට ද හොඳ නැත. එතකොට අපිට එසේ පිටරට පටවන්නට තිබෙන්නේ කුමක් ද යන්න ඊ ළග ප්‍රශ්නය වේ. අපි සාම්ප්‍රදායිකව කළේ සුද්දා ගෙනා තේ පැටවීම ය. ඒකට පොහොර ඇතුලු නොයෙකුත් දේ යෙදිය යුතුව ඇත. තේ පටවා මේ ප්‍රශ්නය විසදිය හැකි ද යන්න ඊ ළග ප්‍රශ්නය වේ. ඒක වැඩිය අගය එකතු කරන දෙයක් නොවේ. අනික් අතට ඒක අර දුප්පත් මිනිසුන් ඉතා දුකසේ යොදවා නිපදවන දෙයකි. ඒ එය ලංකාවේ දරිද්‍රම මිනිසුන් යොදවා කරන නිශ්පාදනයක් බව ද අමතක නොකළ යුතු ය. ඊ ළගට එනවා තේ අගය එකතු කර යවන්නට බැරිද යන ප්‍රශ්නය. ඔය ඩිල්මා එක වටේට තියෙන සංකල්පයක් ඒක. ඇසුරුම් ද එක එක රසාකාරක යෙදීම ද සන්නාම පාවිච්චි කිරීම ද එයට ඇතලත් වේ. එතන දී මේ අගය වැඩිකිරීම් කී කළ අපි සේවා ආර්ථිකයට ඇතුල් වෙමින් ඇති බව පැහැදිළි වේ. ඒක හුදෙක් භාණ්ඩ ආර්ථිකයක් නොවේ.
ඊ ළගට අපේ තිබෙන්නේ ඇගලුම් වේ. ඒ කර්මාන්තයෙත් අපි පෙර කළා සේ ටී ෂර්ට් විකුණන එක වැනි පහළ මට්ටමක නොව ඉහළ මට්ටමට ගොස් ඇත. එහි දී අපි හදන්නෙ සංකීර්ණ ඇඳාුම් ය. දැන් උදාහරණයකට තනපටක් ගත්තාම ඒක ඉතා සංකීරණ ඇදුමකි. දැන් අපි මෙහෙන් පටවන්නේ එවැනි දේ ය. ඒවා කරන විටත් ඒවාට අවශ්‍ය ආම්පන්න, ඒවාට අවශ්‍ය තාක්ෂණය මෙන්ම පර්යේෂණ කටයුතු පවා දැන් සිදු කෙරේ. දැන් බ්‍රැන්ඩික්ස් සමාගම එවැනි දේ කරති. ඒවා අයත් වන්නේ සේවා ආර්ථිකයට ය. ඊ ළගට ඒ අයගේ සන්නාම, එනම් පෙර අපි කළේ වෙන අයට භාණ්ඩ පැටවීමය. ඒ අය ඒ අයගේ ලේබල් අලවා ගනිති. කැවින් ක්ලයින් උදාහරණයට ගතහැක. දැන් ඔය බ්‍රැන්ඩික්ස් සමාගම, ඒ අයගේ සන්නාම ලෝකයේ ගොඩනගන්නට උත්සාහ ගනිති. අර ඩිල්මා එකේ කළා සේ එසේ කරයි. ඩිල්මා එක ඉස්සර කළේ නිකම්ම සිලෝන් ටී කියලා අලෙවි කළේය. ඒකට ලිප්ටන්ලයි බ්‍රක්බොන්ඞ්ලයි ඒ අයගේ ලේබල් දමාගත්තා. දැන් ඩිල්මා කාරයා ලංකාවේ නිෂ්පාදන තමන්ගේ සන්නාමයට දමාගෙන තිබේ. ඒ වගේ මේ අයත් තමන්ගේ සන්නාම ගොඩනගන්නට මහන්සි ගනියි. සේවා ආරථිකය එසේ ශක්තිමත් වෙනවා භාණ්ඩ ආර්ථිකය ද ඇතුලත් ව.
දැන් අපි යම් කිසි සිරවීමකට මුහුණ දී සිටිමු. ඔය විෂය හදාරණ අය දන්නවා, අපේ ඔය අපනයන වල විවිධාංගකරණයක් වෙලා නැති බව. පිටරට අයට මේක විහිලුවක්. අපි ඉස්සර පාසැල් ගියවිට අපනයන භෝග මොනවද ඇසුවොත් කියන්නේ තේ, පොල් රබර් යැයි කියමු. දැන් දෙවනුවට රබර් නැත. තේ තිබෙනවා ඊට පස්සේ ් රබර් නොව ඇගලුම් ය. ඊ ළගට රබර් පස්සේ සංචාරක ව්‍යාපාරය මේ ආකාරයටයි දැන් ලැයිස්තු ගත වන්නේ. අපි ඒක වෙනස් වෙලා කිව්වාට ඒ වෙනුවට අපි වෙන රටවල මෙන් පුලුල්ව මොනවාද කර තිබෙන්නේ. තාක්ෂණික මෙවලම් හදා පිටරට යවනවා ද? පිගන්බඩු යවනවා ද? ඒ කිසිදෙයක් නැත. මැටි මෙහෙ ඕනෑ තරම් ඇතත් ඒවා කරන්නේ නැත. අපි ඒවා කරන්නේ සුලුපරිමානයෙනි. මෙතන දී අපි ප්‍රශ්න දෙකක් අසනු ලැබේ. එක තමයි ඇයි මෙහෙම උනේ කියන එක. මේක තායිලන්තයෙන් ඇසුවොත් එදා අපි හිටියේ මෙතන අද ඉන්නේ මෙතන යැයි කියනවා නො අනුමානය. තායිලන්නයේ අද ඉතාමත් ඉහලින් විවිධාංගීකරණය වී තිබේ. මේකට කාරණ දෙකක් ඇත. පලවෙනි එක අපි සේවා අතින් යමක් කර ඇති නමුත් භාණ්ඩ පැත්තෙන් සාධක දෙකක් ඇත.
පළවෙනි කාරණය ජාපානය 1981, 82 වැනි වසරවල විශාල ආයෝජනයක් කරන්නට බලාපොරොත්තු වී සිටියේ ය. ඒ තරමට ඒ අයගේ මුදල් ආයෝජනය කරගැණිමේ අවශතාවයක් ඒ අයට තිබුණි. නමුත් ඒ අය බණ්ඩාරණායක සම්මනුත්‍රණ ශාලාවේ අවසන් රැස්වීම තියෙන විට 83 රට ගිනි ගත්තේ ය. ඒ අයට තමන්ගේ පණ බේරාගෙන රටින් පැනලා යන්නට සිදුවිය. දෙවැනි කාරනය අර යාපනයට සාම ගමනක් යන විට ජපන් හාමුදුරුවෝ මැරූ එක. ඒ සමගම ලංකාව ගැන අප්‍රසාදයක් ඇති වි ආයෝජන නැවතුනේ ය. ඒ නිසා ඒ මුදල ලංකාවට නොපැමින තායිලන්තයට ගියේ ය.
දෙවැනි කාරණය අපේ බලශක්ති ප්‍රශ්නය තවමත් හරියට විසදගෙන නැත. අපේ බලශක්තිය මුළු කලාපයේම මිල අධික බලශක්තිය ලෙස හැදින්විය හැක. එහෙම වූ විට නිෂ්පාදන කර්මාන්ත වලට මෙහෙ ආයෝජනය කරන්නේ නැත. ඒතකොට ඒ අය කරන්නේ වැඩිය බලශක්තිය යොදන්නැති ක්ෂේත්‍රවලට ගමන් කිරීම ය. පිගන් බඩු වලට විශාල බලශක්තියක් අවශ්‍ය ය. වියදමෙන් 70%ක් පමණ එයට වැයවේ. අපේ අභියෝගය වී තිබෙන්නේ විවිධාංගිකරණය කර කොහොමද මේ අපනයන ක්ෂේත්‍රය අයෙත් ඉහළ දමාගන්නේ කෙසේද යන්න ය. එතක දී අපේ අගමැතිතුමා යම් ප්‍රමාණයකට තේරුම් අරන් තිබෙනවා අපේ තරුණ පරම්පරාවේ තියෙන ඉල්ලුම කුමක් ද යන්න. තරුණ පරම්පරාවේ ඉල්ලුම තියෙන්නේ අව්වට වැස්සට වේලෙන්නේ තෙමෙන්නේ නැති රක්ෂාවන් ය. ඒක බොහෝ දෙනාට පැහැදිලි ය. මහින්ද රාජපක්ෂ මහත්තයා ඒකට දුන් විසඳාුම වූයේ ආණ්ඩුවේ රැකියා දීම ය. හැබැයි ආණ්ඩුවේ රක්ෂාවලින් අලුත් අගයක් හෝ බඩු හෝ මොනවත් උත්පාදනය වෙන්නේ නැත. ඒවා බදු වියදම්කරන වැඩ ය. ඒ පාර කෙටි පාරකි. ලේසි මාර්ගයක් මෙන්ම වැරදි මාර්ගයකි. රනිල් වික්‍රම අලුත් අදහසක් ඉදිරිපත් කරනවා මැතිවරන ප්‍රකාශනයේ, අලුත් මෙන්ම ගුණාත්මක රැකියා දශ ලක්ෂයක් දෙන බවට පොරොන්දු වේ. ඒ දේ කරන්නට නම් අපි මේ අපනයන ක්ෂේත්‍රය විශාල වේගයෙන් හදන්නට අවශ්‍ය ය. එතන දී එතුමා දකිනවා මෙන්න මේ මේ කරුනු ඉටුකළ යුතු බව.
ලංකාව තිබෙන්නේ බෙංගාල බොක්කේ. වටේට තියෙනවා මැලේසියාව, සිංගපූර්ව යනාදි රටවල්. එවිට මේ බෙංගාල බොක්ක කලාපය අද අවදි වෙමින් පවති. බංගලි දේශය 6%ක වාර්ෂික වර්ධන වේගය වසර ගණනාවක් ඒ හැටියටම පවත්වාගන ඇත. ඒ අයගේ වාහන තදබදය කොලඹ තදබදයට වඩා වැඩි ය. ඒ තරමට ඒ අය සිඝ්‍රයෙන් දියුණු වේ. මියන්මාරය සංවෘතව තිබී දැන් සිඝ්‍රයෙන් අලුත් ආයෝජන ලබාගෙන ඉදිරියට පැමිණේ. ඉන්දියාවත් ඇතුලු ඔය රටවල බිලියන දෙකක පමණ ජනගහනයක් ඇත. එතන විශාල වෙළඳ පොලකි. එතකොට අගමැතිතුමා කල්පනා කරන්නේ මේ වෙළඳ පොලට ආමන්ත්‍රනය කරන්නේ කෙසේ ද යන්න ය. මේ වෙළඳ පොලට සාර්ථකව ආමන්ත්‍රණය කළහොත්, මේ අපේ තරුණ පරම්පරාවට අවශ්‍ය ගුණාත්මක බවෙන් යුතු රැකියා දශ ලක්ෂයක් උත්පාදනය කළ හැක යන මතයේ එතුමා සිටි. ඒ දේ කිරීමට නම් අපිට ඉටුකරන්නට ඇත් කොන්දේසි මොනවා ද?
ඒක කරන්නට නම් අර ගෝලීය අගයදාම කියන එකට සම්බන්ධ වියයුතු ය. ගෝලිය අගයදාම යන්නෙන් හඳුන්වන්නේ අපනයන වර්ධනය වන අතරම ආනයනත් වර්ධනයවන නිසා ය. උදාහරණයක් ලෙස කලින් ආණ්ඩුවෙන් ගෙනා පනතක් තිබුණා 2013 විතර නිදහස් කලාප යනුවෙන්. මේකෙන් ඒ අය ඉදිරිපත් කළේ යම්කිසි විදියකින් ලංකාවට භාණ්ඩ ගෙනාවේ නෑ වගේ ගෙනෙන්නට හැකි ක්‍රමයකට ය. ඒ ප්‍රදේශයේ සිසිටීවි කැමරා සවිකර ඒක හරියට ලංකාව නොවෙයි වගේ කලාපයක් ඇති කිරිම ය. ඉන්දියාවේ ඔය පාරිභෝගික භාණ්ඩ උදාහරණයකට ගතහොත් ඒ ඒ භාෂාවලින් සංයුතිය සහ තවත් දේවල් ඇතුලත් ලේබල් කළ යුතුවේ. එය දැන් වූවත් සමහර තැන්වල ලංකාවේ දී සිදු කෙරේ. භාණ්ඩ හදන්නේ ඉන්දියාවේ නමුත් ලේබල් අලවා ඇසුරුම කරන්නේ ලංකාවේ ය. ඒකට අපි භාණ්ඩ සංවිධානය කිරීම යැයි කියණු ලැබේ. ඒ වැඩෙන් ලංකාවට ඉදිරියට යන්නට පුළුවන් තත්ත්වයක් ඇත. ඒකට අපේ රටේ පිහිටිම ඉතා වැදගත් වී ඇත. මේ ආකාරයේ ලොජිස්ටික් සැපයිම් හම්බන්තොට හා ත්‍රි මලේ ඇති කරන්නේ නම් තවත් හොඳ ය. එහෙම නම් අපිට පුළුවන් මේ මුළු ප්‍රදේශයේ ඒ ලොජිස්ටික් සපයන කේන්ද්‍රයක් බවට පත්කරන්නට. එහෙම වුනොත් ශීත කාමර ඇතුලේ සිට ගමේ දරුදැරියන්ටත් තමන්ට රිසි විදියේ හොඳ රැකියාවක් කිරීමට අවස්ථාව සැළසේ. මම ඒකෙන් කියන්නෙ නෑ මෙහි නිෂ්පාදන කටයුතු නොකෙරෙන බව.
චීනයේ අපනයනය මත පදනම් වූ නිෂ්පාදනයන් ඉහලටම ගෙන ගියේ ය. අපි දැන් ඉන්නේ 2016යේ ය. ඒ අයට පසුව දැන් වියට්නාමය ද ඒක දිගේ ගමන් කරයි. අපි හැමෝම දුවන රේස් එකේ දුවනවා ද නැත්නම් වෙන පාරක වෙනත් රේස් එකක් දුවනවාද යන්න තීරණය කළයුතු ව ඇත. නමුත් ඒක ජයගතහැකි රේස් එකක් වියයුතු ය. අපි හැම දෙයම කළ යුතු නමුත් ප්‍රමුඛතාවය දිය යුත්තේ අපිට සාපේක්ෂව වාසි සහගත කොටසේ. දැන් මෙහි දී කෙනෙක් අහන්නට පුළුවන් දැනුත් එය කෙරෙනවානම් ඔය පනත යටතේ, දැන් මොකට ද වෙළඳ ගිවිසුම් යනුවෙන්. ලංකාවේ ප්‍රධාන වෙළඳ පාර්ශවකරුවන් සමග ගිවිසුම් ඇතිකරගන්නා බව කලු සුදුු වලින් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය තුළ ඇත. ඒ ගැන අසතුටු අය ඡන්දය වෙලාවේ ඒ ගැන කථාකළ යුතු තිබුණි. නමුත් කවුරුත් කථාකළ බව මම නම් නොදනිමි. ඒකේ තියෙනවා ඉන්දියාව, චීනය. ආසියාවේ රටවල් සමූහය සමග පමණක් නොව යුරෝපය සහ ඇමෙරිකාව සමග ගිවිසුම් ඇතිකරගන්නා බව. අපේ අපනයන ආනයන වැඩියෙන්ම කෙරෙන්නේ ඒ රටවල් සමග ය. ඒකෙන් අදහස් වන්නේ අපි ඒ රටවලට වැඩිපුර අපනයනය කරන්නේ ය යන්න නොවේ. එකෙන් අදහස් වන්නේ අපනයන ආනයන භාණ්ඩ සහ සේවා සම්බන්ධතාවයන් වඩා විධිමත්ව නෛතික රාමුවක් තුළ, අවිනිශ්චිතතාවය අඩුකර ගණුදෙනු කිරීමේ සහ වියදම අවම කර අවිනිශ්චිත බව අඩු කිරීමේ ක්‍රම වේදයයක් බවයි. ගිවිසුම් කියන්නේ එවැනි එකගතාවයකට ය.
එකපැත්තකට වාසිවන ගිවිසුම් කවුරුවත් අත්සන් කරන්නේ නැත. අපි හිතනවා නම් ගිවිසුම අපිට පමණක් වාසි වියහැකි ආකාරයටයට අත්සන් කළයුතු බව ඒක කෙරෙන්නේ නැත. තව කථාවක් තමයි මේ ගිවිසුම් වලින් අපිට අවාසියි ඒ අයට වාසියි යන්න. එසේ නම් ගිවිසුම් අත්සන් නොකර සිටිය යුතු ය. නමුත් ප්‍රශ්නය අපේ තරගකරුවෙකු වූ වියට්නාමය වැනි රටවල් තියෙන තරම් ගිවිසුම් අත්සන් කරයි. ඒකේ ප්‍රතිඵල පෙනෙන්නට තිබේ. ඒ අයගේ ආර්ථික වර්ධන වේගය ඉතා වේගවත් ය. ඒ අය චීනයට එහෙම සාපේක්ෂ පොඩි රටක් වූවාට ඒ අය ඇයි මේ ගිවිසුම් වලට පැනපැන යන්නේ. යන්නේ ඒ අයට එය වාසිදායක බැවිනි. එතකොට මේ ගිවිසුම හරියට කරගතහොත් අපිටත් වාසිදායක වේ.
එතනදි අපි බලාපොරොත්තුවන තව දෙයක් තමයි ආයෝජන. අපි දැක්කා පසුගිය කාලයේ යුද්දෙන් පසු කවුරුත් කිව්වා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ආයෝජන ලංකාවට ලැබෙනව බව. නමුත් එකම අවුරුද්දකවත් ලැබුණේ නැත. එය නොලැබුනේ ඇයි ද යන්න ඊ ළග කොටසේ පැහැදිළි කරමු

සාකච්චා කලේ – මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *