මහර සිරගෙදර ගැටුම ගොඨාභය ජනාධිපති මිනීමරුවා කියන්න සැලසුම් කළ කුමන්ත්‍රණයක් – ඇමති විමල් වීරවංශ

මහර සිරගෙදර රැඳවියන් පිරිසක් කැරලිකාරී ලෙස හැසිරීමත් , ගැටුමක් ඇති කරගෙන අට දෙනකු මියයාමේ සිද්දියත්,  ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා මිනීමරු පාලකයකු බව ලොවට පෙන්වීමට කළ කුමන්ත්‍රණයක් බව විමල් වීරවංශ ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

ගොඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ව සිටිය දී මිනිසුන් මැර වූ බවත් , ජනාධිපති වූ පසුවත් මිනීමරන බවත් , පෙන්වීම මෙම කුමන්ත්‍රණයේ අරමුණ බව ඇමතිවරයා පැවසුවේ මහර බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ අවස්ථවේදී ය.

මෙම කුමන්ත්‍රණය මීට පෙර වැලිකඩ බන්ධනාගාරයේ ක්‍රියාත්මක කිරීමට යන බවට තොරතුරු ලැබුණු බවත් , එවිට එයට මුල් වූ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවූ බවත්, පැවසු ඇමතිවරයා දැන් එම සැලැස්ම මහර බන්ධනාගාරයේ ක්‍රියාත්මක කොට ඇති බව ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *