බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ 71 න් 26 කට කොරෝනා

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගත කළ රැඳවියන් 71 දෙනාගෙන් 26 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව රාගම රෝහල් බළධාරීන් පවසනවා.මෙම රැඳවියන්ගෙන් බහුතරයක් බරපතල තත්වයේ පසුවන අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු දැඩි අසාධ්‍ය තත්වයේ පසු වේ.

මෙම ගැටුමෙන් පුද්ගලයන් 08 දෙනෙකු මියගිය අතර බන්ධනාගාරයට සැළකිය යුතු හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

 

UN

LANKANEWSWEB

 



Recommended News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *