බන්ධනාගාර කොවිඩ් පොකුරත් දහස පන්නයි ; ඇතුළේ කැරලිකාරී තත්ත්වයක් ; අයෙක් මරුට

බන්ධනාගාර තුල වර්ධනය වූ කොවිඩ් පොකුර 1091ක් දක්වා වර්ධනය වී ඇති බව අද වාර්තා වීය.

ඒ මහර බන්ධනාගාරයෙන් වාර්තා වූ ආසාදිතයින් 183 ක් සමග ය.

මේ අතර මහර බන්ධනාගාරය තුල කැරලිකාරී තත්ත්වයක් ගැන ද අද වාර්තා වීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ රැඳවියන් විසින් ඇතිකරන ලද කැරලිකාරී තත්ත්වය මැඩ පැවැත්වීමට බලය පාවිච්චි කිරීමට සිදුවීම නිසා එක් රැඳවියකු මියගිය බව යි.

රැඳවියන් පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ බව කියන එක් රැඳවියෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙන අතර තවත් රැඳවියන් 03 ක් තුවාල ලබා තිබෙන බව නිල වාර්තා සඳහන් කරයි.

කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා විශේෂ කාර්ය බලකාය යොදවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *