මහේන්ද්‍රන්ගේ වැඩේ නිමකර කෝප් කමිටුව කබ්රාල්ගේ කෙළි ගැන සොයයි !

පසුගිය ආණ්ඩුව සමයේ මහ බැංකු මහ බැංකු හරහා සිදු කර ඇති නීති විරෝධී ගනුදෙනු රැසක් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා හිටපු මහ බැංකු අධිති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු හිටපු නිලධාරීන් කැඳවා ප්‍රශ්න කිරීමටත් පසුගිය වසරේ පෙබරවාරියේ සිදුවූ මහා බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිගෙන් වාර්තාවක් කැඳවීමටත් කෝප් කමිටුව තීරණය කර තිබේ.

පසුගිය 25වැනිදා කෝප් කමිටුව විසින් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේදී හෙළිදරව් වූ ප්‍රශ්නකාරී  ගනුදෙනු රැසක් සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්න කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලය ඉක්මවමින් බ්‍රසීලයේ සහ ඇමරිකාවේ ගොඩනැගිලි මිලදී ගෙන විදේශ කටයුතු අමාත්‍යාංශයට කුලියට දී තිබෙන බවත් පෝට් සිටි සමාගමට ලංකාවේ ගොඩනැගිල්ලක් කුලියට ලබා දී තිබෙන බවත් මෙහිදී හෙළි දරව් වී ඇත. ගොඩනැගිලි කුලියට ලබාදීමට බලයක් මහ බැංකුවට නැතැයි වාර්තා වෙයි.

මහ බැංකුව විසින් උපදේශන සේවා ලබාගැනීමට යැයි රුපියල් බිලියන 4ක් වියදම් කළ ආකාරය පිලිබඳවත් විදේශ අමාත්‍යාංශයේ ප්‍රවර්ධන සේවා සඳහා යැයි මුදල් වියදම් කර තිබෙන ආකාරයත් ප්‍රශ්න කිරීමට නියමිත ය.

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ මීට පෙර එය විමර්ශනය සඳහා පත් කළ අනුකමිටුවේ විමර්ශන මත පදනම්ව ඉදිරියට සිදුකිරීමට කෝප් කමිටුව තීරණය කර ඇත.

පසුගිය වසරේ පෙබරවාරියේ සිදුවූ මහා බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මීට පෙර ඩිව් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කෝප් කමිටුවද පරීක්ෂණයක් සිදු කළ අතර නව පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව යළි පරීක්ෂණයක් ආරම්භ කළේ ය.

සති දෙකක් ඇතුළත බැදුම්කර සිද්ධිය ගැන තිරණයක් ගැනීමටද නියමිත ය.

(උපුටාගැනීම lankatruth වෙබ් අඩවියෙනි )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *