නිවාස ණය උපරිම පොලිය සියයට 7 යි ; මහ බැංකුවෙන් බැංකුවලට නියෝගයක්

රජයේ හෝ පෞද්ගලික අංශයේ වැටුප් ලබන සේවකයින් තම දේපළ ඇපයට තබා බැංකුවලින් ලබාගන්නා  ණය සඳහා අයකළ හැකි උපරිම පොලිය සියයට 7 ක් බව ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට ඇත. බලපත්‍ර ලාබී සියලු බැංකු සඳහා මෙම තීරණය වලංගු වෙයි.

මෙම සියයට හතේ අවම පොලිය අඩු තරමින් ණය ගෙවීමේ මුල් වසර පහ සඳහා ලබාදිය යුතුය. ඉන් පසුව ද අය කළ  හැකි වන්නේ රටේ සාමාන්‍ය ප්‍රාථමික  පොලි අනුපාතයට වඩා සියයට එකකින් වැඩි පොලියක් පමණකි.

මෙම අඩුකළ පොලී අනුපාත අලුතින් ලබාගන්නා ණය සඳහා පමණක් නොව දැනට ලබාගෙන ඇති ණය සඳහා ද ලබාදිය යුතු බව මහා බැංකුව කියයි.

එමෙන්ම රටේ අඩුකොට ඇති පොලි අනුපාත එම මට්ටමේ ම තබාගැනීමට ද මහා බැංකුවේ මුදල් මණ්ඩලය අද තීරණය කළේ ය.

මහා බැංකුව මෙතෙක් ලබා දී ඇති ප්‍රතිලාභ ගනුදෙනු කරුවන්ට ලබාදීමේ දී බැංකු හා මුල්‍ය ආයතනවල  ප්‍රමාදයක් ඇති බව කියන මහා බැංකුව එම සහන ඉක්මනින් ගනුදෙනුකරුවන්ට ලබාදෙන ලෙස ද උපදෙස් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *