අදත් කොවිඩ් ආසාදිතයින් 553 ක් ; පොකුර 18,491 ක් වෙයි . සමස්තය 22,022 යි

කොවිඩ් 19 ආසාදිතයින් 553 දෙනකු අද දිනය්යේ ද අලුතින් හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 18,491 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22,022 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වනවිට කොළඹ ,ගම්පහ ,කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රාශියක් අගුළු දමා ඇත. එයට ඊයේ වනවිට හලාවත සහ අකුරණ ප්‍රදේශ ද එකතු වී තිබිණි.

කොවිඩ් රෝගීන් හමුවීම නිසා කල්මුනේ සහ ඇහැලියගොඩ පාසල් වසා දැමීම ද අද වාර්තා වීය.

ඊයේ මහනුවර නගරයේ සියලු පාසල් වසා දමනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *