කල්මුණේ පාසල් සතියක් වැසේ

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ වලින් 21 දෙනෙකු සඳහා කෝවිඩ්- 19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වීමත් සමග කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියළු පාසල් හෙට(27) සිට සතියක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තීරණය කොට ඇත.
ඒ අනුව, එම පාසල් යළි ආරම්භ කරන දිනය පසුව දැනුම්දෙනු ලැබේ. මෙම තත්වය මත සිදු කරන අහඹු PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන ලෙස ආණ්ඩුකාරවරිය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ලතාහරන් මහතාට නියෝගකොට තිබේ.
ඊට අමතරව අක්කරෙයිපත්තු, සයින්දමරුදු සහ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ ජීවත් වන වැසියන් මෙම අවධානම් තත්වය සලකා සෞඛ්‍ය උපදෙස් මත සංචාරණ කටයුතු නතර කර සිය නිවෙස් වලටම වී සිටින ලෙසද ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *