“ආරක්‍ෂක හා තාක්ෂණ” අමාත්‍යාංශය ජනපති යටතට

පසුගිය දා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාර ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යටතට පවරාගෙන ඇත.
මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ජාත්‍යන්තර විද්‍යුත් ගෙවීම් ක්‍රමය ස්ථාපනය, රට පුරා විහිදුණු අධිවේගි දත්ත හුවමාරු පද්ධතියක් හා ආශ්‍රිත ජංගම ජාල පද්ධතියක් ස්ථාපනය නව තාක්ෂණ අමාත්‍යංශයේ විෂයය පථයට අයත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *