තාජුදීන් මරා දැමුවේ හැවුලොක්ස් ක්‍රීඩා සමාජය නාමල්ට ගන්නලු !

z_p05-thajudeen-01-uරගර් ක්‍රීඩක වසීම් තාජුදීන් මරා දැමීමට හේතු වී ඇත්තේ කොළඹ හැවුලොක්ස් ක්‍රීඩා සමාජයේ අයිතිය හා පාලනය තමන් සතුකර ගැනීමට නාමල් රාජපක්ෂ මහතාට තිබු වුවමනාවට තාජුදීන් හරස්වීම බව රහස් පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇති බව වාර්තා වෙයි . රගර් ක්‍රීඩාව සදහා ඉහළම නමක් දිනා  ඇති හැවුලොක්ස් ක්‍රීඩා සමාජය විශාල කීර්ති නාමයකට හිමිකම් කියන අතර සම්පත් බහුලව ඇති ආයතනයකි . එය ක්‍රියාත්මක වන්නේ ක්‍රීඩා සමාජයක් වශයෙනි .සාමාන්‍යයෙන් එබදු ආයතනයක් කිසිවකුගේ තනි පාලනයට ගැනීම අපහසුය . රහස් පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා එබදු උත්සහයක් දරා  ඇති බවයි .

මේ අතර තවත් වාර්තාවකින් කියන්නේ නාමල් රාජපක්ෂ මහතාට අයත් සමාගම් පහකට මුදල් ලැබුණු ආකාරය ගැන තොරතුරු දීමට ඔහුට නොහැකි වී ඇති බවයි . තමන්ට මුදල් දුන් බවට ඔහු කි ව්‍යාපාරිකයෝ එසේ මුදල් දුන් බව ප්‍රතික්ෂේප කරති . මේ නිසා යෝෂිත රාජපක්ෂට මෙන්ම මුදල් විශුද්ධිකරණ පනත යටතේ ද සිරගත වන්නට නාමල් රාජපක්ෂ මහතාට සිදුවනු ඇති කියති .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *