ආනයන තහනම තාවකාලිකයි; ඉදිරියේ දී ඉවත් කරනවා – ඇමති දිනේෂ් යුරෝපා සංගම් නියෝජිතයන්ට කියයි

ශ්‍රී ලංකාව ඇතැම් ආනයන සීමාකිරීමට ගෙන ඇති පියවර තාවකාලික බවත් , එය ඉදිරි කාලයේ දී ඉවත් කරන බවත්, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට සිටින යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් හමුවේ ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන මාර්ග අවහිර වීමත් ,විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම් අඩුවීම සහ සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීමත්  නිසා රට මුහුණ දී තිබෙන අපහසුතා නිසා ආනයන සීමා කිරීමට සිදුව ඇති බව ඇමතිවරයා යුරෝපා සංගම් නියෝජිතයන්ට ප්‍රකාශ කොට තිබේ.

විදේශ අමාත්‍යංශයේ පැවති මෙම සාකච්චාවට මෙරට සිටින ඉතාලි, ජර්මන්, නෙදර්ලන්ත, ප්‍රංශ, රුමේනියා  සහ යුරෝපා සංගම් තානාපතිවරු සහභාගී වී ඇත

ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයට යුරෝ බිලියන 2.8 අපනයන සිදුවන බවත් එම තත්ත්වය දිගින් දිගට වර්ධනය වන බවත් යුරෝපා සංගම් නියෝජිතයෝ මෙහි දී පෙන්වා දී තිබේ. එමන් ම මෙරටින් යවන භාණ්ඩ 6000 ක් සඳහා තීරු බදු අය නොකිරීමේ ජී එස් පී සහනය ලබා දී ඇති බව ද, එම නියෝජිතයන් පෙන්වා දුන් බව වාර්තා වෙයි.

මෙරට පනවා ඇති ආනයන සීමා ලෝක වෙළෙඳ සංවිධානයේ එකඟ වී ඇති ගිවිසුම්වලට පටහැනි බවත් , ලෝක වෙළෙඳාම යනු අන් අයගේ භාණ්ඩ මිල දී නොගෙන තම භාණ්ඩ විකිණීම නොවන බවත් , ශ්‍රී ලංකාව පනවා ඇති ආනයන සීමා ගැන තමන්  කනගාටු වන බත් ප්‍රකාශ කරමින් යුරෝපා සංගමය නිවේදනයක් ද නිකුත් කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *