කොළඹින් මරණ 28 ක් , ආසාදිතයින් 4836 ක් වාර්තා වෙලා

කොළඹ නගර සභා බල ප්‍රදේශය තුලින් කොවිඩ් ආසාදිතයි 4836 ක් හා මරණ 28 ක් අද වන විට වාර්තා වී ඇති බව  කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

මේ නිසා තත්ත්වය පාලනය කිරීමට සති තුනකට වත් කොළඹ සම්පුර්ණයෙන් අගුළු දමන ලෙස ඇය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

මේ මොහොතේ කොළඹ වසා  දැමුව හොත් දෙසැම්බර් මුල සතිය වන විට නගරය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව ඇය ප්‍රකාශ කරයි.

කොළඹ දී මාධ්‍ය අමතමින් නගරාධිපතිනිය මේ අදහස් ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *