තවත් කොවිඩ් 19 මරණ තුනක්; දෙදෙනෙකු මියගොස් ඇත්තේ නිවෙස්වල යි

කොවිඩ් 19 රෝගයෙන් තවත් මරණ තුනක් අද දිනයේ වාර්තා වී ය.

කඳාන ප්‍රදේශයේ පදිංචි කරුවකු සහ කොළඹ පදිංචි කරුවන් දෙදෙනකු මෙලෙස මියගොස් ඇත.

කඳාන පදිංචිකරුවා  සහ කොළඹ එක් අයෙකු මියගොස් ඇත්තේ සිය නිවෙස්වල දී ය. ඔවුන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගනු ලැබ ඇත්තේ මියගිය පසුව ය.

මේ අනුව කොවිඩ් රෝගයෙන් මෙරට දී මියගිය සංඛ්‍යාව 69 ක් දක්වා ඉහල ගොස් තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *