ආසාදිතයන්ගේ සෙම්, සොටු ජලයට මුසුවීම භුමදානයට වඩා අවදානම් – මහාචාර්ය ජිනදාස කටුපොත

 

කොවිඩ් 19 ආසාදිතයන්ගේ සෙම්, සොටු සහ  මල, මුත්‍රා ජලයට එකතුවීම මියයන රෝගීන් භූමදානය කිරීමට වඩා අවදානම් සහිත බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිලිබඳ සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත මහතා ප්‍රකාශ කරයි .

ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගතය පැමිණි දා සිට රෝහල්වලින් , නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ නිවෙස්වල නිරෝධායනය වන අයගෙන් වෛරස සහිත සෙම්, සොටු සහ මල, මුත්‍රා භූගත ජලයට මුදාහරින බවත් එහි අහිතකර බලපෑම ගැන මේ දක්වා අවදානය යොමු වී නැති බවත් මහාචාර්ය කටුපොත මහතා වැඩි දුරටත් පැවසී ය.

කොළඹ මහල් නිවාසවලින් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුදාහරින බවත් එහි ප්‍රතිවිපාක ගැන ද සොයා බලා  නැති බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ  ය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා මෙහෙයවන TRUTH WITH CHAMUDITHA අන්තර්ජාල සාකච්ඡාවට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *