කොවිඩ් ලෝක වසංගතයක් ; ඒක පාලනය කරන්න අපට බැහැ ; එය ආණ්ඩුවේ වැඩක් නොවේ – සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා

කොවිඩ් යනු ලෝක වසංගතයක් බවත්, එය පාලනය කිරීම ආණ්ඩුවට කළ හැකි දෙයක් නොවන බවත්, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

කොවිඩ් මර්ධනය කිරීමට කිසිදු රටකට හැකි වී නැතැයි කි සෞඛ්‍ය ඇමතිනිය ආණ්ඩුව වැඩ කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව යයි ද කී ය.

කොවිඩ් මර්දනය ආණ්ඩුවේ වැඩක් නොව රටේ ම ජනතාවගේ වැඩක් බව ද එතුමිය ප්‍රකාශ කළේ ය.

සෞඛ්‍ය ඇමතිනිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ කොවිඩ් මර්දනය සඳහා සියලු පක්ෂ නායකයින් ක්‍රියා කළ යුතු බවයි.

“මේ වසංගතය එක්ක වසර තුන හමාරක් ගත කරන්න වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා . අපට එච්චර කලක් රට වහගෙන ඉන්න බැහැ . වසන්ගතයත් එක්ක ජීවත්වෙන්න අපි ඉගෙන ගන්න ඕනෑ ”  යි පවිත්‍රා  වන්නි ආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසී ය.

කලින් කොවිඩ් ආ විට රට වහගෙන සිටි බවත් , එකල එසේ කළේ කිසිවක් දැනගෙන නොවන බවත්, කී ඇමති තුමිය මෙවර එසේ නොකරන බව පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *