රාමඤ්ඤ මහා නිකායේ  මහ නායක අතිපූජ්‍ය  නාපානේ පේමසිරි නාහිමියෝ  අපවත් වෙති

රාමඤ්ඤ මහා නිකායේ  මහ නායක අතිපූජ්‍ය  නාපානේ පේමසිරි නාහිමියන් වහන්සේ  අපවත් වී ඇති බව වාර්තා  වෙයි.

උන් වහන්සේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අපවත් වී ඇත.

අපවත් වන විට උන්වන්සේ 98 වියේ පසු වුහ.

අතිපූජ්‍ය  නාපානේ පේමසිරි නාහිමියන් රාමඤ්ඤ නිකායේ   මහනායක ධූරයට පත් වූයේ 2012 සැප්තැම්බර් 3 වනදා ය.

මහනුවර මැණික්හින්න හූරිකඩුව විද්‍යා සාගර පිරිවෙනේ විහාරාධිපති හිමියන් ලෙස වැඩ විසූ උන්වන්සේ මීට පෙර රාමඤ්ඤ මහ නිකායේ අධිකරණ සංඝ නායක ධූරය හොබවනු ලැබු හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *