ඇමෙරිකාව සොයාගත් දෙවන කොවිඩ් එන්නත වඩාත් සාර්ථකයි !

ඇමෙරිකාවේ ෆයිසර් සමාගම සොයාගත් පළමු කොවිඩ් එන්නත මෙන් ම සාර්ථක එන්නතක් නිපදවීමට මොඩර්නා  නම් තවත් සමාගමක් සමත් වී ඇති අතර එය ඇතැම් අංශවලින් ෆයිසර් සමාගමේ එන්නතට වඩා දියුණු බව වාර්තා වෙයි.

ෆයිසර් සමාගමේ එන්නත සියයට 90 කට වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කොට ඇති අතර මොඩර්නා සමාගමේ එන්නත සියයට 94.5 ක සාර්ථකත්වයක් වාර්තා කොට ඇති බව කියති.

ඇමෙරිකානු වසංගත රෝග ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුචි ප්‍රකාශ කොට ඇත්තේ තමන් බලාපොරොත්තු වුයේ සියයට 75 ක් සාර්ථක එන්නතක් බවයි. සියයට 90ක 95ක සාර්ථකත්වය ඉතා හොඳ තත්ත්වයක් බව ඔහු කියයි.

මොඩර්නා සමාගමේ නව එන්නතේ තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ එය සාමාන්‍ය අධි ශීතකරණ තත්ත්වයක තබාගත හැකි වීමයි. එමෙන් ම , භාවිතයට ගන්නා විට සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ පැය 12 ක් තබාගත හැකි වීම ද තවත් වැදගත් ලක්ෂණයකි.

කෙසේ වෙතත් , ප්‍රතිකාර සඳහා මෙම එන්නත් දෙක ම යොදාගැනීමට බලාපොරොත්තු වන බව විශේෂඥ වෛද්‍ය ෆවුචි මහතා පවසයි .

තවත් සමාගම් ගණනාවක් නව එන්නත් පරීක්ෂණ සිදු කරමින් සිටින බවත් , ඔවුන්ගේ තාක්ෂනය මෙම සමාගම් දෙකේ තාක්ෂණයට වඩා වෙනස් බවත් ෆවුචි මහතා කියයි. ඉදිරියේ දී තවත් සාර්ථක එන්නත් සොයාගනු ඇති බවට ඒ මහතා විශ්වාසය පළකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *