කොළඹට දැමූ අගුළු බාගෙට අරියි ; අත්‍යවශ්‍ය සේවාවලට ඉඩ

කොළඹ කොටුව, පිටකොටුව , මරදාන ඇතුළු අගුළු දැමු ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ඉඩ දී ඇති බව රජය කියයි.

එමෙන් ම , කොළඹ සිට බස් සේවා සහ දුම්රිය සේවා ද ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, කොළඹ අගුළු දැමු ප්‍රදේශවලට  ඇතුළු වීම අත්‍යවශ්‍ය සේවාවල සේවකයන්ට පමණක් සීමා කොට ඇත.

අගුළු දමා ඇති සියලු ප්‍රදේශවල මේ හා සමාන ලෙස අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කොට  ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *