තවත් කොවිඩ් මරණ 5 ක් අද වාර්තා වෙයි.

කොවිඩ් 19 ආසාදනයෙන් සිදු වූ තවත්  මරණ 5 ක් අද සවස වන විට වාර්තා වී ය.

ඒ කොළඹ 13 පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 12 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 08 පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 13 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වශයෙනි.

මේ අය අතුරින් එක් අයකු නිවසේ දී මියගොස් ඇති අතර තිදෙනකු මියගොස් ඇත්තේ රෝහලට අතොලත් කරන අවස්ථාවේ දී ය.

ඒ අනුව මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *