වෙනත් ලෙඩට රෝහල්වලට එන රෝගීන්ට කොවිඩ් – රෝහලට එනකල් දන්නේ නැහැ

වෙනත් විවිධ රෝග සඳහා රජයේ රෝහල්වලට එන රෝගීනට කොවිඩ් ආසාදනය වී ඇති බව හෙළිදරවු වීම වැඩි වැඩියෙන් සිදුවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

මෙම රොගීන රෝහල් කරා  එන්නේ වෙනත් රෝගතත්ත්වයන් උත්සන්න වීම නිසා ය. ඔවුන් කොවිඩ් රෝගීන් බව හෙළිවන්නේ රෝහලේ දී කරන පී සී ආර් පරෙක්ෂණ වලිනි.

එවැනි හඳුනාගැනීමක් සිදුවූ විට එම රෝගීන්ගේ කිට්ටු ආශ්‍රිත්යින් ද පරීක්ෂාවට ලක්කරන බවත්, බොහෝවිට ඔවුන් අතරින් ද තවත් රෝගීන් හමුවන බවත් අපේ ආරංචි මාර්ග කියයි.

කොළඹ ජාතික රෝහලෙන් , රාගම ,කළුබෝවිල ,සහ හෝමාගම රෝහල්වලින් පසුගිය දිනවල මෙබඳු සිදුවීම් ගණනාවක් වාර්තා වූ බව කියති .

මෙලෙස සමාජයෙන් රෝගීන් මතුවීමෙන් පෙනෙන්නේ තවත් හඳුනා නොගත් රෝගීන් විශාල පිරිසක් සමාජයේ සිටින බව යන්න  සෞඛ්‍යය  සේවා අංශවල මතය වී තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *