මරදාන , කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය , වේල්ල වීදිය හුදෙකලා කරයි

මරදාන , කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය , වේල්ල වීදිය යන ප්‍රදේශ  හුදෙකලා කරන බව රජය නිවේදනය කරයි .

සඳුදා උදෑසන 5.00 සිට නැවත දන්වනතුරු මෙම හුදෙකලා කිරීම ක්‍රියාත්මක වන බව යුධ හමුදාපති ලුතිනන ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම ප්‍රදේශවලට ඇතුළු වීම හෝ එම ප්‍රදේශවලින් පිටවීම තහනම් වෙයි. එම ප්‍රදේශවල සියලු කාර්යාල හා ව්‍යාපාරික ස්ථාන  ද වසා තැබෙනු ඇත.

එම ප්‍රදේශ වෙත හා හරහා ගමනාගමන කටයුතු ද නොකෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *