කිසිදු පාලනයකින් අපේ ගැටලූවලට විසඳුම් ලැබෙන්නේ නැහැ.

bimalඅපේ රටේ ජනතාව කාලයක් රාජපක්‍ෂ පවුල දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ රනිල් මෛත‍්‍රී හවුල දිහා බලාගෙන ඉන්නවා. ඒ කිසිදු පාලනයකින් අපේ ගැටලූවලට විසඳුම් ලැබෙන්නේ නැහැ.

මේ කාලයේ කතාබහක් තිබෙනවා, තරුණ තරුණියන් දේශපාලනයට සංවේදී නැහැ කියලා. නමුත් රාජපක්‍ෂ පාලනය ගෙදර යැවීම සඳහා අපේ රටේ තරුණ තරුණියන් විශාල වැඩ කොටසක් කළා. ඒ නිසා අපිට කියන්න පුළුවන්කමක් නැහැ අපේ රටේ තරුණ පරම්පරාව දේශපාලනයට සංවේදී නැහැ කියලා. එවැනි වුවමනාවක් තිබෙන යෞවන යෞවනියන් අපේ දිස්ති‍්‍රක් සමුළුවලට ආවා. ඔවුන් ආවේ ජොබ් ඇප්ලිකේෂන් බලාගෙන, කොරියා යන්න බලාගෙන, ඉඩම් කෑල්ලක් ගන්න බලාගෙන, ආණ්ඩුවේ ජොබ් එකක් ගන්න බලාගෙන නෙවෙයි. සියලූ දෙනාම ආවේ පොදු අරමුණක් වෙනුවෙන්. ඔබ කවුරුත් දන්නවා, රාජපක්‍ෂ පාලනය කාලේ ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්‍ෂ තරුණ සංවිධානයක් හැදුවා. ඒකෙන් තරුණ තරුණියන් විශාල වශයෙන් මංමුළා කළා. තාත්තාගේ ජනාධිපති බලයෙන් හදපු තරුණ සංවිධානය තාත්තගේ ජනාධිපතිකම නැතිවුණාට පස්සේ අහෝසි වෙලා ගියා. අපේ තරුණ සමුළුවලට ආපු තරුණ තරුණියන් තුළ ධනාත්මක ආකල්පයක් ඇති කරන්න අපි කටයුතු කළා. සමාජවාදී තරුණ සංගමය මැදිහත් වෙලා සෑම දිස්ති‍්‍රක්කයකම නව තරුණ නායකයින් හඳුන්වා දෙන්න කටයුතු කළා. එහෙම ආපු ගමන් මගේ ප‍්‍රතිඵලයක් හැටියට තමයි තුන්වන ජාතික සමුළුව අපි දකින්නේ.
අපේ රටට නව ජාතික තරුණ ප‍්‍රඥප්තියක් ඉදිරිපත් කරන්න මෙම ජාතික සමුළුවේදී අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටේ උගතුන්, බුද්ධිමතුන්ගේ අදහස්වලට අනුව ලෝකයේ ප‍්‍රඥප්තීන්වල ආභාෂයනුත් උපයෝගී කරගෙන උතුරේත් දකුණේත් තරුණ නායකයින්ගේ අදහස්වලට අනුව තරුණ ප‍්‍රඥප්තියක් සකස් කරන්න අපි කටයුතු කර තිබෙනවා. අපේ රටේ ආණ්ඩුව, පෞද්ගලික ආයතන, පවුල සහ පුද්ගලයා තරුණ තරුණියන්ගේ ගැටලූ ගැන අවධානය යොමු කරන්නේ කොහොමද කියලා මේ ප‍්‍රඥප්තියෙන් අපි අවධානය යොමු කරලා තිබෙනවා. එමගින් අපේ රටේ තරුණයින් මුුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡුාවක් කරන්නත් විසඳුම ලබා දෙන්නත් යෝජනා ඉදිරිපත්කර තිබෙනවා. අපේ රටට තරුණ ප‍්‍රඥප්ති හැදුවට වැඩක් නැහැ, එය කි‍්‍රයාත්මක කිරීම සඳහා ජනතාවගේ සහයෝගයක් නැතිව. පෞද්ගලික ආයතන, පවුල සහ පුද්ගලයා නොමැතිව ආණ්ඩුවකට තනිවම තරුණ ප‍්‍රඥප්තියක් කි‍්‍රයාත්මක කරන්න පුළුවන්කමක් නැහැ. එනිසා ඉතාම ප‍්‍රායෝගික තරුණ ප‍්‍රඥප්තියක් ඉදිරිපත් කරන්න අපි උත්සාහ කර තිබෙනවා. ඒ වගේම සමාජවාදී තරුණ සංගමයේ ඉදිරි වසර 4ක කාලය සඳහා කි‍්‍රයාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීමටත් තරුණ සංගමයට නව නායකත්ව මණ්ඩලයක් පත්කරගැනීමටත් තුන්වන ජාතික සමුළුවේදී අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටේ තරුණ තරුණියන්ට ජීවිතයක් අවශ්‍යයයි. ඒ වගේම ඔවුන්ට යහපත් අනාගතයක් අවශ්‍යයයි. එම ජීවිතයත් අනාගතයත් වෙනුවෙන් අපි සමාජවාදය යෝජනා කරනවා. මෙම ජාතික සමුළුවේ ප‍්‍රධාන අරමුණ වන්නේ එයයි. එනිසා තමයි ‘ජීවිතය සහ අනාගතය වෙනුවෙන් සමාජවාදය’ තේමාව වී තිබෙන්නේ.
අපේ රටේ තරුණ තරුණියන්ගේ ජීවිතයත් අනාගතයත් ගොඩනගන්න නම් ඔවුන්ට අධ්‍යාපනය, රැුකියා, ආරක්‍ෂාව, නිදහස මෙන්ම ආදරයත් අවශ්‍යයයි. අපේ රටේ තරුණයින්ගෙන් 95%ටම තමන් සතු එකම දේපළ වන්නේ අධ්‍යාපනයයි. ඔවුන්ට පරම්පරාවෙන් ලැබෙන සමාගම් හෝ වතුපිටි නැහැ. පසුගිය වසර 20 තුළ උසස් පෙළ සමත් තරුණ තරුණියන් ලක්‍ෂ 25කට පමණ විශ්වවිද්‍යාල වරම් ලැබී නැහැ. පසුගිය වසර 11 තුළ අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල එකක්වත් හදන්න ආණ්ඩුව සමත්වෙලා නැහැ. ඒ වගේම අපේ රටේ තරුණ තරුණියන්ගේ රැුකියා ප‍්‍රශ්නය ඉතාම බරපතලයි. යම් පුද්ගලයෙක් සතියකට පැයක් වැඩ කරන්නේ නම් එම පුද්ගලයාට රැුකියාවක් කරන බව අපේ රටේ ආණ්ඩුවේ පිළිගැනීමයි. පැයක ආදායමෙන් යම් පුද්ගලයෙකුට සතියක් ජීවත් වෙන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා නම් එය ඉතා බරපතල තත්වයක්. ආණ්ඩුව්ම සංඛ්‍යාලේඛණවලට අනුව අපේ රටේ රැුකියා වියුක්තිය 22%ක් පමණ වෙනවා. අපේ රටේ තරුණ තරුණියන් ලක්‍ෂ 30කට පමණ රැුකියාවක් නැහැ. රැුකියාවක නිරත වුවත් ඔවුන්ට ජීවත් වීමට සරිලන වැටුපක් නැහැ. එම රැුකියාවෙන් ආත්ම ගෞරවයක් ලැබෙන්නේ නැහැ.
ඒ වගේම අපේ රටේ තරුණ තරුණියන්ට නිසි ආරක්‍ෂාවක් නැහැ. තරුණයන් විශාල ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා. අපේ රටේ පවුල්වලින් එක පවුලක සාමාජිකයෙක් හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා. විශාල ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කරන රටක් බවට අපේ රට පත්වී තිබෙනවා. අපේ රටේ තරුණියන් විශාල ලෙස ¥ෂණයටත් අපචාරයටත් ලක්වෙනවා. තරුණ තරුණියන්ගේ විවාහය විශාල අර්බුදයක් බවට පත්වෙලා. විවාහය නිසා බරපතල රැුවටීම්වලට, වංචාවලට, ලක්වෙනවා. විවාහය කර්මාන්තයක් බවට පත්වෙලා. එමෙන්ම අපේ රටේ තරුණ තරුණියන්ට නිදහස අහිමි වෙලා. විශාල ලෙස පාරම්පරික මත, මිත්‍යා මත ඔවුන් මත පටවමින් තිබෙනවා. අපේ රටේ ඇතැම් මාධ්‍ය ඔස්සේ දවස පුරා මිත්‍යා මත වපුරමින් තරුණ තරුණියන් මිත්‍යාවේ ගිල්වන්න උත්සාහ කරනවා. සතියකට පැය බාගයක හෝ විද්‍යා වැඩසටහන් එම මාධ්‍ය තුළ පළ නොවීම පිළිබඳව විශාල කණගාටුවක් තිබෙනවා.
මේ ආකාරයෙන් අපේ රටේ තරුණ තරුණියන්ට ජීවිතයත් අනාගතයත් අහිමිකර තිබෙනවා. තරුණ තරුණියන්ගේ අයිතිවාසිකම් විශාග ගෙස අහිමිවෙමින් තිබෙනවා. මේ ආණ්ඩු හඬක් නැත්නම් අයිතිවාසිකම් දෙන්නේ නැහැ. වෘත්තීය සමිතිවලට, ශිෂ්‍ය ව්‍යාපාරයට, ජනමාධ්‍යවේදීන්ට හඬක් තිබෙනවා. ඒ නිසා යම් තරමකට හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා වී තිබෙනවා. පසුගිය රාජපක්‍ෂ පාලනයේ ජනතා විරෝධී කි‍්‍රයාමාර්ගවලටත් වර්තමාන රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මාධ්‍යයට කරන බලපෑම් වැනි කි‍්‍රයාමාර්ගවලටත් සමාජයෙන් විරෝධයක් ආවා. නමුත් අපේ රටේ තරුණ තරුණියන්ට විශාල ගැටලූ ප‍්‍රමාණයක් තිබුණත් ඔවුන්ට හඬක් නැති නිසා විසඳුම් ලැබෙන්නේ නැහැ. ‘නෝ වොයිස්, නෝ රයිට්ස්’ ‘මෝ වොයිස්, මෝ රයිට්ස්’ නිසා අපේ හඬ වැඩිවන තරමට අයිතිවාසිකම් ලබාගන්න පුළුවන්.
එනිසා තරුණ තරුණියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලියන්න, කියන්න සටන් කරන්න සමත් තරුණයින් පිරිසක් ගොඩනැගිය යුතුයි. ඒ වෙනුවෙන් ස්වේච්ඡුා කි‍්‍රයාකාරිත්වයක් සහිත තරුණ ව්‍යාපාරයක් ගොඩනගන්න සමාජවාදී තරුණ සංගමය කරයුතු කරනවා. දෙන දේ කාලා, වෙන දේ බලාගෙන ඉන්න තරුණයින් වෙනුවට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන තරුණ පිරිසක් ගොඩනගන්න අවශ්‍යයි. අපේ රටේ ජනතාව කාලයක් රාජපක්‍ෂ පවුල දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ රනිල් මෛත‍්‍රී හවුල දිහා බලාගෙන ඉන්නවා. ඒ කිසිදු පාලනයකින් අපේ ගැටලූවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පවුල පස්සෙත් හවුල පස්සෙත් ගියා ඇති. ජනතා විමුක්ති පෙරමුණ විදියට අපි රටට වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. අපේ රටේ තරුණයින්ට ආරාධනා කරනවා, අපේ රට දේශපාලන පරිවර්තනයක් කරා ගෙනියන්න මැදිහත් වෙන්න කියලා. ජනතාවගේ ප‍්‍රශ්නවලට එකම විසඳුම නවීන සමාජවාදී පාලනය පමණයි. ඒ නිසා අද අපි ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙනවා. ඒවගේම අනාගතය වෙනුවෙන් අපේ රටේ තරුණ තරුණියන් සමාජවාදය වෙනුවෙන් පෙළ ගස්වනවා.
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා ඉහත සදහන ප‍්‍රකාශය කළේ අද (2016. 02. 23*  බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී  පැවති මාධ්‍ය හමුවකදීය . එම මාධ්‍ය හමුව කැදවා තිබුණේ ලබන 28 වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ දී පවත්වනු ලබන  සමාජවාදී තරුණ සංගමයේ තුන්වන ජාතික සමුළුව ගැන දැනුම් දීමටය. සාකච්ඡුාව අවසාන කරමින් බිමල් රත්නායක මහතා, ‘‘සමාජවාදී තරුණ සංගමයේ තුන්වැනි ජාතික සමුළුව හෙවත් තාරුණ්‍යයේ මගුල් ගෙදරට සහභාගිවීමට ඇරයුම් කරනවා. පෙබබරවාරි 28 උදේ 9ට කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයට පැමිණ අනාගතය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා’’ යි කියා සිටියේය

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *