ඇමෙරිකානු ජනපතිවරණයේ ආසන්න ප්‍රතිඵලය ; ජෝ බයිඩන් 306 යි , ඩොනල්ඩ් ට්‍රම්ප් 232 යි

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දැනට ලැබී ඇති හා ලැබෙමින් පවතින ඡන්ද ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් මැතිවරණ කොලීජියේ ආසන 306 ක් හිමිකරගත හැකි බවත් , ඩොනල්ඩ් ට්‍රම්පට හිමි වීමට ඉඩ ඇත්තේ 232 ක් පමණක් බවත් පෙනෙන්නට තිබේ.

එමෙරිකාවේ සියලු මාධ්‍ය වාර්තා අනුව මේ වනවිට බයිඩන් 253 ක් හා ට්‍රම්ප් 214 ක් හිමිකරගෙන ඇති බව තහවුරු කොට ඇත . ෆොක්ස් නිව්ස් ආයතනය බයිඩන්ගේ ආසන සංඛ්‍යාව 264 ක් ලෙස දක්වා ඇත. ඒ ඇරිසෝනා ප්‍රාන්තයේ ද ජයග්‍රහණය ඔහුට හිමිවන බව තක්සේරු කරමිනි. අරිසොනාව තමන් ජයගන්න බව ට්‍රම්ප් කණ්ඩායම විශ්වාස කළ ද මේ වනවිට පෙනී ගොස් ඇත්තේ එහි ජය බයිඩන්ට හිමිවනු ඇති බවයි. ඒ අනුව බයිඩන්ගේ සංඛ්‍යාව 264ක් ලෙස සැලකිය හැකි ය.

මේ වනවිට ජෝ බයිඩන් නොවාඩා  ප්‍රාන්තයේ ජය තහවුරු කර ගනිමින් සිටි යි . එවිට එම ප්‍රාන්තයට හිමි ආසන 6 ත් සමග බයිඩන් 270  ක ඉලක්කය වෙත ලගාවෙයි. එය ජනාධිපතිවරණය ජය ගැනීමට අවශ්‍ය සංඛ්‍යාව යි.

එමෙන් ම පෙන්සිල්වේනියා  ප්‍රාන්තයේ ජයග්‍රහණය ද නියත වශයෙන් ම බයිඩන්ට හිමිවන බව  ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි . එම ප්‍රාන්තයට කොලේජ් ආසන 20 ක් හිමි ය. එවිට බයිඩන්ට හිමි ආසන සංඛ්‍යාව 290 කි.

මේ අතර ජෝර්ජියා ප්‍රාන්තයේ ද ඉදිරියට පැමිණ ඇත්තේ ජෝ බයිඩන් ය. ඒ සුළු සංඛ්‍යාවකිනි එහි නැවත ඡන්ද ගණන් කිරීමක් සිදුවිය හැකි බව කියති . එමෙන් ම එහි තවත් ඡන්ද සුළු ප්‍රමාණයක් ගණන් කළ යුතුව ඇත. කෙසේ වෙතත් එහි වැඩි වාසි හිමි කරගෙන සිටින බයිඩන්ට ජයග්‍රණය හිමිවෙතියි සිතුවහොත් ප්‍රාන්තයට හිමි ඡන්ද 16 ක්ද ඔහුට හිමි වෙයි.

එවිට බයිඩන්ගේ ඡන්ද සංඛ්‍යාව 306 ක් දක්වා ඉහළ  යනු ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැනට ඇති 214 ට අමතරව නෝත් කැරොලිනා ප්‍රාන්තයෙන් ආසන 15 ක් හිමිවන බව පෙනෙන්නට තිබේ. ඔහුට අලස්කාවෙන් ආසන තුනක් හිමිවනු ඇතැයි කියති.

ඒ අනුව ඔහුට හිමි වන ආසන සංඛ්‍යාව 232 කි .

ඔහුට ජයග්‍රහණය කරා යාමට නම් අඩු තරමින් ඉහත කී ප්‍රාන්ත තුනක මැතිවරණ ප්‍රතිඵල ආපසු හැරවිය යුතු වෙයි.

මේ අනුව පෙනෙන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ පැහැදිලි ජයග්‍රහණයක් ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ට හිමි වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *